ආර්ථික දියුනුවට
අලුත් අවුරුද්දට සෙට් වෙන රෙසලූෂන්ස් තාම හිතුනෙ නැද්ද?
අලුත් අවුරුද්දක් ලබනවා කියන්නෙ අතිශය සාමාන්‍ය තවත් එක් දවසක උදාවක් වුණාට බොහොමයක් දෙනාට ඒක ඒ විදියට දැකලා අතෑරලා දාලා ඉන්න බෑ. ඒ නිසා බොහෝමයක් සැමරීම් මේ එක්ක සිද්ධ වෙනවා. මේ කියන්න යන්නෙ අන්න ඒ විදියට සමරණ අය අතරේ සිද්ධ වෙන තවත් එක වැදගත් දෙයක් ගැන. ඒ තමයි දන්න සරළ ඉංග්‍රීසියෙන් නිවු ඉයර් රෙසලූෂන්ස් කියන දේ. මේ නිවු ඉයර් රෙසලූෂන්ස් වල පොදු ලක්ෂණ දෙකක් තියෙනවා. ඉන් ප්‍රමුඛම දේ තමයි මේ දේවල් බොහොමයක් වසරක් තිස්සේ නැවත නැවතත් ඉස්සරහට ආපු දේවල් වීම( උදා – නොකඩවා ජිම් යනවා, මත්පැන් අත්හරිනවා). අනෙක් කාරණය තමයි මේ දේවල් අපිට අවධානය යොමු කරන්න ලේසි දත්ත නොවී විශාල මාතෘකා වීම(මේ අවුරුද්දෙ නං හැදෙනවා හැදිල්ලක්).
පොදුවේ සෞඛ්‍යය ගැන හිතන්න
හැමතිස්සෙම සෞඛ්‍ය කිවුව ගමන්ම ජිම් එක ගැන විතරක් හිතලා අවුරුද්දකට සල්ලි බැඳලා දවස් දෙකක් ගිහින් නවතිනවා වෙනුවට පොදුවේ මානසික සහ කායික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන්න සැලැස්මක් හදාගන්න එක වැදගත්. ඒකට ජිම් එකක් අත්‍යවශ්‍යම නෑ. ඒ වගේම අත්‍යවශ්‍ය තවත් බොහෝ දේ තිබෙනවා. උදාහරණයකට ආහාර පාලනය, ව්‍යායාම, එදිනෙදා පුරුදු ඔබේ කායික සෞඛ්‍යයට වැදගත්. ඊටපස්සෙ සෞඛ්‍යය ගැන පොදුවේ කියද්දි ඔබේ මානසික සෞඛ්‍යයත් අතිශය වැදගත්. ඒකට ස්ට්‍රෙස් නොවී දවස ගෙවන්න හොඳ සැලැස්මක්, මානසික සුවය වෙනුවෙන් කරන්න වැඩ කිහිපයක් වගේම, භාවනාවටත් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
අලුත් කලාවක්
සාමාන්‍යයෙන් අලුත් පටන් ගැම්මකදි කරන්න හොඳ දෙයක් තමයි අලුත් දෙයක් අධ්‍යයනය කරන්න අවධානය යොමු කරන එක. ඒක ගැනයි අපි අලුත් කලාවක් කියලා කිවුවෙ. මේකෙදි අපිට පුළුවන් අලුත් භාෂාවක් ඉගෙනගන්න, එහෙමත් නැතිනම් අලුත් ක්‍රීඩාවක් ගැන හදාරන්න, අලුත් සංගීත භාන්ඩයක් වාදනය කිරීම හදාරන්න, එහෙමත් නැතිනම් අපිට පුළුවන් අලුත් විෂයයක් අධ්‍යයනයට ඒ කාලය යොමු කරන්න. මේ විදිය දෙයක් කරන එක මනසටත් විවේකයක් වගේම අපේ මතු ප්රයෝජනයටත් හේතු වෙන බව නිසැකයි.
අරමුණක් වෙනුවෙන් යමු
මේ හැමදේම එක්ක අලුත් ලෝංග් ටර්ම් ගෝල් එකක් තියාගන්න එකත් වටිනවා. උදාහරණයකට අපිට අනාගතයේ දිනාගත යුතුමයි කියන දෙයක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න නව වසරේ ඒ ගැම්ම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට වාහනයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රග්ධනය උපයන්නට ආයෝජනය කරන්න හොඳ විදි සෙවීම, ඒ වෙනුවෙන් ආයෝජනය කරන්නට අවශ්‍ය මුදල් වෙන් කිරීමට අමතර ආදායම් මාර්ගයක් සලසා ගැනීම වගේ කාරණා ගැනත් හිතන්න මේ වගේ කාලයක් ප්‍රයෝජනවත්.
“බෑ” එපා
තවත් කළ යුතුම දෙයක් කෙටියෙන් සඳහන් කරන්නම්. ඒ තමයි බෑ කියන දේ නොසිතා ඉන්නට උත්සාහ කිරීම. බෑ කියා සිතෙන නෙගටිව් මානසිකත්වයෙන් මිදෙන්න මේ අලුත් අවුරුද්දෙ රෙසලූෂන් එකක් වෙන් කරන්න.
ආර්ථික ප්ලෑනක්
එන්නෙත් අමාරු කාලයක්. ඒ නිසා අපේ කාලය කලමනාකරණය කරගන්නවා වගේම ආර්ථිකයත් කලමනාකරණය කරගන්න එක වටිනවා. මාස කිහිපයක අපේ ආදායම් වියදම් ගණනය කරලා, ඒ ඇසුරෙන් අපිට අත්හැරිය හැකි වියදම් මොනවාද? අනවශ්‍ය තරමට වැඩිපුර වියදම් වී තියෙන දේවල් මොනවද කියන දේ ගැන දළ අදහසක් එතනින් ගන්න පුළුවන්. මෙන්න මේ ආර්ථික ප්ලෑන් එක, අපිට මේ අමාරු කාලයෙන් නොවැටී ඉස්සරහට යන්න උදව්වක් වේවි.
අද තමුන් ගැනත් හිතන්න
මේ ගොඩක් දේවල් අපි අපි වෙනුවෙන් කරන ආයෝජන. මේ වගේ ආයෝජන අතරේ අද දවසේ තමුන් ගැනත් හිතන්න. නිසි සමබල ආහාර වේලක් ගන්න, හොඳ නින්දක් ලබාගන්න, විනෝදාංශයක නියැලෙන්න, පවුල සහ මිතුරන් වෙනුවෙන් කාලය වෙන් කරන්න, පෞද්ගලික පිරිසිදුකම ගැන හිතන්න(වර්ක් ෆ්‍රොම් හෝම් එක්ක බොහෝ දෙනෙකුට අමතක වුණු දෙයක් මේ) වගේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න. ඒක අද දවසේ අපි වෙනුවෙන් වැදගත්. ඒ වගේම පෙනුම ගැන සැළකිලිමත් වෙන්න. මොකද පෙනුම තමයි ඔයා ගැන මුල්ම අදහස මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් කරන්නෙ. කවුරු මොනවා හිතුවත් කමක් නෑ කියන මානසිකත්වයෙන් මිදිලා ලස්සනට ඉන්න.
උදව් කරන්න
පුළුවන් තරමක් මිනිස්සුන්ට උදව් කරන්නත් මේ අවුරුද්දෙ අරමුණක් තියාගන්න පුළුවන්. මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් විදි බොහොමයක් තියෙනවා. නමුත් අපි කියන්නෙ ඒ උදව් කරද්දි ඔබ සැළකිලිමත් විය යුතු දෙයක් ගැන විතරයි. ඒ තමයි ඔබට හානියක් නොවෙන තරමට උදව් කරන්න කියන එක.
ඉතිං එහෙමනං ලස්සන රෙසලූෂන්ස් ටිකක් එක්ක මේ ලැබුවා වූ 2023 අවුරුද්ද ඔබට සර්ව සාර්ථක වෙන්න කියලා Ceylon Journal අපි සුබ පතනවා.