සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ලොව වේගවත්ම අන්තර්ජාල සබඳතාවය චීනයෙන්

ලෝකයේ වඩාත් දියුණුතම සහ වේගවත්ම අන්තර්ජාල සබඳතාවය හඳුන්වා දීමෙහි වෑයමක නිරත වන චීනය සඳහන් කර සිටිනුයේ නිසැකවම එය මේ වන විට පවත්නා අන්තර්ජාල සබඳතා වලට වඩා කිහිප ගුණයකින් වේගවත් වන්නක් බවයි. චීනයේ දැවැන්ත සන්නාමයක් මෙන්ම තාක්‍ෂණික නිෂ්පාදකයෙකු වශයෙන් ද කටයුතු කරනා Huawei සමාගම විසින් දක්වා තිබෙන ආකාරයට වැඩිදියුණු කිරීමට අපේක්‍ෂා කරන සබඳතාවයට​ තත්පරයකට ටෙරාබිට් 1.2ක​ (ගිගාබිට් 1,200) පමණ (1.2 terabits or 1,200 gigabits) වේගයකින් දත්ත හුවමාරු කල හැකි වන අතර, වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් තත්පරයක් තුළ චිත්‍රපට 150කට පමණ සරිලන දත්ත හුවමාරු කිරීමට තරම් වේගවත් වන්නක් ය​.

මෙලෙස න්‍යායික වශයෙන් දක්වා තිබෙන වේගවත් සබඳතාවයන් සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ නිවස්නයන් තුල භාවිත කිරීමේ අවස්ථාවක් නුදුරු කාලයේදී එළඹේ යයි අනුමාන කල නොහැක​. මක් නිසාද යත් ආර්ථිකමය සහ දේශපාලනික වශයෙන් ගත් කල ප්‍රමුඛතාවය සැපයීම සඳහා විවිධ ව්‍යාපාරයන්, කොටස් වෙළඳපල මෙන්ම ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වැනි කටයුතු සඳහා ද​ මෙකී වේගවත් සබඳතාවයන් යොදා ගත යුතු නිසාවෙන් ය​.

මෙම සතියේ මාධ්‍ය හමුවකදී Huawei සහ China Mobile විසින් නිල වශයෙන් මේ සම්බන්ධව දැනුවත් කරන ලද අතර​, බීජිං හි Tsinghua විශ්ව විද්‍යාලය සහ Cernet හි හවුල්කාරීත්වයෙන් මෙම අධ්‍යාපන හා පර්‍යේෂණ ජාලය සඳහා චීන රජය විසින් අරමුදල් සපයනු ලබයි. නිර්ණය කර ඇති ආකාරයට මෙම සබඳතාවය හරහා වැඩි වේගයකින් දත්ත හුවමාරු කිරීමට අවශ්‍ය වන විද්‍යුත් සහ දුරස්ථ පාලක වාහන සඳහාත් 5G වැනි වේගවත් අන්තර්ජාල සබඳතා සඳහාත් අවශ්‍ය දායකත්වය සැපයෙනු ඇති. මෙම නව ජාලය බීජිං නුවර සිට දකුණු දෙසට සැතපුම් 1800ක දුරක් දක්වා ෆයිබර් ඔප්ටික් කේබල්ස් යටතේ සම්බන්ධ කෙරෙන බවට ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය​.

පරීක්‍ෂණ වලට භාජනය කොට, අත්හදා බැලීම් සිදුකර,​ ක්‍රියාත්මක කිරීමේ අදියරයන්හි ආරම්භය එළඹෙන මාස කිහිපය තුලදී ලබා ගැනීමට චීනය බලාපොරොත්තු වන මුත්, විශේෂඥයන් විසින් මත පල කර සිටිනුයේ මෙම ජාලය නිකුත් වීම සඳහා අවම වශයෙන් ඉදිරි වසර දෙකක පමණ කාලය හෝ වැයවනු ඇති බවය. චීන ජනපති ෂී ජින් පින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ස්ථාවර සහ වේගවත් ජාල සබඳතාවය සංවර්ධනය කිරීම​ එරට “සයිබර් බලගන්වන්නෙකු” වශයෙන් ස්ථාපිත කරනු ඇති බවය​. එමෙන්ම අන්තර්ජාල තාක්‍ෂණයන් ප්‍රවර්ධනය කිරීම වේගවත් කරන්නෙකු වශයෙන් ඔවුනට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද චීන ජනපතිවරයා මීට පෙර අවස්ථාවන්හිදී ප්‍රකාශ කර ඇතැයි සඳහන් ය​.

මෙම වැඩිදියුණු කිරීම් එක්සත් ජනපදය වෙතට සෘජු තර්ජනයක් වශයෙන් බල නොපාන අතර, එය කෘතීම බුද්ධිය සමග තරග වැදීමේදී ද පියවරක් ඉදිරියෙන් තැබීම සඳහා උපකාරී වනු ඇත​. bandwidth ඉහළම අගයකින් අවශ්‍ය කරන චීනය පදනම් කරගත් ව්‍යාපාරයන් සඳහා පදනම මෙම වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන අධිවේගී අන්තර්ජාල සබඳතාවය හරහා ලැබෙනු ඇති අතරම​, Tsinghua විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා හා තාක්ෂණ අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන​ Wu Jianping මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇති ආකාරයට මෙම අධිවේගී පද්ධතියේ මෘදුකාංග සහ දෘඩාංග (Software & Hardware) චීනයේ නිෂ්පාදනය කරනු ලබන අතර, ඔවුන් විසින් මෙම ජාලය පාලනය කිරීමේ ස්වාධීනත්වය ද උසුලන්නේය​.

Tags