විශේෂාංග
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඔට්ටුවක් තියන්න හොඳම විදිය මොකද්ද?

ලෝකයේ ඒකාධිපතියෙක් විදියට ප්‍රසිද්ධ සහ කුප්‍රකට චරිතයක් වෙච්ච ඇඩොල්ෆ් හිට්ලර් කියලා තියෙනව, තමුන්ට යම් ක්‍රමයක් වෙනස් කරන්න උවමනායි නම්… ඒ සිස්ටම් එකේ මුදුනටම ගියාට පස්සෙ තමන්ට ඕන දේ කරන්න කියල. ලෝකයේ ක්‍රිකට් එක්ක සැරින් සැරේට ක්‍රිකට් පාවාදීම් ගැන අහන්න ලැබුණා. ලංකාවෙ ක්‍රිකට් එක්කත් මේ දේ ඉඳල හිටලා අහන්න ලැබුනා. මේ ඔක්කොම එක්ක පිටපස්සෙන් හිටියෙ ක්‍රිකට් ඔට්ටු සමාගම්. මේ වෙනුවෙන් අපි දන්න කාලෙ ඉඳන් දැඩි නීති ක්‍රියාත්මක වුණා. අන්න ඉතිං අර කිවුව හිට්ලර්ගේ මග යමින් ඔට්ටු සමාගම් දැන් ක්‍රිකට්වලට අත පොවන විදිය වෙනස් කරලා තියෙනවා. ඒ තමයි ඒ සිස්ටම් එකේ මුදුනට නොහොත් නිළ අනුග්‍රාහක ලෙවල් එකට පැමිණීම. අපි මුලින්ම ක්‍රිකට් ඔට්ටු සමාගමක් මේ ලෙවල් එකට එනවා දැක්කෙ ඔස්ට්‍රේලියාවෙ බවුන්ඩ්‍රි ලයින් එකෙන්. ඒ තමයි Bet 365. දැන් ඉතිං වැඩේ ඊට වඩා සංකීර්ණයි. ටීම් ස්පොන්සර් මට්ටමටම වැඩේ දුරදිග ගිහින්. අපි අද Ceylon Journal වෙතින් කතා කරන්නෙ, මෙන්න මේ දුරදිග ගිය වැඩේ ලංකා ප්‍රිමියර් ලීගය නොහොත් LPL වෙත ආවෙ කොහොමද කියන එක ගැන.
LPL ප්‍රශ්නෙ මොකද්ද?
දැනට අවසානය ළං වෙලා තියෙන LPL එහෙමත් නැත්තං ලංකා ප්‍රිමියර් ලීගය සූදු සහ පිරමීඩ ව්‍යාපාර(ජාල අලෙවිකරණ සමාගම්) කිහිපයක් ම ඉස්සරහට දාගෙන කියලා බැලූ බැල්මට ඕන කෙනෙකුට පේනවා. ඒ නිසා තරමක කතිකාවතක් ඇති වෙලා වගේම ගැටළුකාරී තත්ත්ව පවා ඇති වෙලා. මේ වෙද්දි ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ ව්‍යාපාර කිහිපයක්ම තහනම් කරලා තිබෙනවා වගේම ඒවායේ ආයෝජනය කිරීම පවා වරදක් වෙන තැනට නීති සකස් කරලා තියෙද්දිත් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නෙ. ඉතිං අවසානයේ කියන්න තියෙන්නෙ මෙහෙම බයක් ඇති කරලා, මෙහෙම විශ්වාසයකුත් ඒ යටින් ඇති කරන තත්ත්වයක අපි මේවා බාරගන්න ඕන කොහොමද කියන එක කණ්ඩායම් අයිතිකරුවන්ට, ක්‍රීඩකයන්ට පවා ප්‍රශ්නයක් වෙන තැනට දැන් ගිහින් තියෙනවා කියන එක.
ඉතිං මොකද වෙන්නෙ?
LPL ක්‍රිකට් තරඟාවලිය තුල සූදුව සහ අන්තර්ජාල විදේශ විනිමය සමාගම් අනුග්‍රාහකයන් ලෙස ක්‍රියා කරන සමාගම් Skyfair news, 1XBAT, 1XBook, Crickex.in, Kheloyar news, BABU88, Satsport, wolf777, සහ TigerEXCH වැනි නම්වලින් තරගාවලියේ ප්‍රමුඛව දක්නට ලැබෙන අතර, ක්‍රීඩකයින් කෙරෙහි ඔවුන්ගේ බලපෑම සහ ක්‍රීඩාවේ ආචාර ධර්මයන් පිළිබඳව ගැටළු මතු කරමින් සිටී. මොකද අපිට එතනින් එහා සිද්ධ වෙන දේ පැහැදිලිව නොපෙනීම, තමයි මේ ගැන සැක හිතෙන මූලිකම දේ. අපි සාමාන්‍යයෙන් දකින්නෙ ඉන්දියන් ප්‍රිමයර් ලීගයේ කණ්ඩායම් හිමිකරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ අතකොළු විදියට ක්‍රීඩකයන් පාවිච්චි වීම. ඒක අපි IPL කාලෙට ඉන්දියානු චැනල් හැම එකක ම දකින දෙයක්. අපි ඒ දේවල් ගැන සමහර වෙලාවට කම්පා වුණා, සමහර වෙලාවට සතුටු වුණා. සමහර වෙලාවට අපි සතුටක් නැතුවත් හිනා වුණා. ඒත් අපි තාම දැක්කෙ නෑ මේ ක්‍රීඩකයන්ගේ මේ කියන අනුග්‍රාහකයන් පාවිච්චි කරන විදිය. සමහරවිට පාවිච්චි නොකරනවා වෙන්නත් පුළුවන්. හැබැයි කළොත්? ඒ කොහොමද සහ ඒ නිසා තාරුණ්‍යය කොයිතරම් මේ වෙනුවෙන් පෙළඹෙයිද කියන දේ ගැන හිතන්න වෙනවා.
සූදුව විතරක්ම නෙමෙයි
ඔව් මේ ප්‍රශ්නෙ තියෙන ඔට්ටු දාන සමාගම් එහෙමත් නැත්තං සූදුව ගැන විතරක්ම නෙමෙයි. මේ ප්‍රශ්නය ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙනුත් තියෙනවා. ඒ ශ්‍රී ලංකා මහ බැංකුව, ගුප්ත ව්‍යවහාර මුදල් (virtual currencies) සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කිසිදු ආයතනයකට අවසර දී නොමැති බව පවසමින්, අතථ්‍ය මුදල්වලට (cryptocurrencies) එරෙහිව මහජනතාවට නැවත නැවතත් අවවාද කර තිබෙන නිසායි. බැංකුව crypto මුදල් ශ්‍රී ලංකාව තුළ අධීක්ෂණ සහ ආරක්‍ෂාව නොමැති, නියාමනය නොකළ මූල්‍ය ලෙස සලකන වටපිටාවක මේ ක්‍රිප්ටෝ සමාගම් දක්වන අනුග්‍රාහකත්වය හරහා වෙන්නට ඇති අනර්ථය අතිමහත්.
මේ ගැන SLC මොකද කියන්නෙ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැත්තෙන් මේ ගැන අහන්න ලැබෙන්නෙ අළු පිළිතුරක්. නමුත් ඒක පැහැදිලි නමුත් අනාගතයට අවිනිශ්චිත පිළිතුරක්. ඒ තමයි LPL තරගාවලිය සඳහා පැමිණෙන අනුග්‍රාහකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය (ACU) විසින් පරිපූර්ණ විමර්ශන ක්‍රියාවලියක් සිදු කිරීමෙන් පසුව සිය අනුමැතිය ලබා දී ඇති බව. ඒ කියන්නෙ දූෂණ මර්ධන ඒකකයට අනුව පිරමීඩ් ව්‍යාපාර සහ ක්‍රිකට් සූදු සමාගම් දක්වන මේ අනුග්‍රහයේ අවුලක් නැති බව කියන්නෙ, මහ බැංකුව මේකෙ අවුල එළිපිට කියලා තියෙන වටපිටාවක. ඒ නිසායි සිලෝන් ජර්නල් අපි මේක අනාගතයට අවිනිශ්චිත පිළිතුරක් විදියට භාරගත්තෙ.
LPL මොකද කියන්නෙ?
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් LPL තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල පවසන්නේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් සඳහා අනුග්‍රාහකයන්ගේ ලාංඡන සඳහා අවසර ලබා දුන්නේ ICC දූෂණ මර්දන ඒකකයේ අනුමැතිය ලැබීමෙන් පසුව බවයි. තරගාවලියේ විශ්වසනීයත්වය සහතික කිරීම සඳහා ඔවුන් ICC දූෂණ විරෝධී නිලධාරීන් තිදෙනෙකු සමඟ සමීපව කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියනවා. මේක මාධ්‍යයට නිකුත් වෙන්නෙ විශ්වාසදායක උත්තරයක් විදියට. මේ විදියෙ විශ්වාසදායක උත්තරයක් තියෙනවා නම් අපිට මේකෙ අවුලක් නෑ කියලා අත පිහදාගන්න පුළුවන්. හැබැයි අපි මීළඟට පෙළගස්වන කාරණා ටික දිහා බලලා ඔයාලා මේ ගැන තීරණයක් ගන්න.
අවුල් සහගත තැන්
මේ කාරනා කෙසේ වෙතත් පාකිස්තානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බබාර් අසාම් LPL තරඟාවලිය අතරතුර ඔට්ටු ඇල්ලීමේ සමාගම්වල ලාංඡන තම ජර්සිය මත පැළඳීම ප්‍රතික්ෂේප කරමින් දැඩි ප්‍රකාශයක් කළා. ඒ Colombo Strikers නියෝජනය කරන Azam ගේ ස්ථාවරය ආගමික හේතූන් මත ඔට්ටු ඇල්ලීම ඉස්ලාමයේ තහනම් කර ඇති නිසා ගන්නා තීරණයක් බවයි.
දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දරන්නේ අවුරා ලංකා අධිපති වෛද්‍ය විරංජිත් තාඹුගල විසින්. විරංජිත් තාඹුගල වෛද්‍යවරයෙක් වුණේ යාළුවො එයාට ඩොක්ටර් කියපු නිසාලු. තාම පැළ විස්සක් විතරක් හිටවලා තිබ්බට එයා කරන්නෙ කෝමාරිකා ව්‍යාපාරයක්ලු. පහ වසරට වෙනකං ඉගෙනගෙන තිබ්බට එයා මොළේ ස්නායු ආශ්‍රිත ලෙඩකට බෙහෙතක් කිවුවලු. එයාටත් මේ හයෙන් එක කණ්ඩායමක් හිමියිලු.
අන්න ඒ කියපු දඹුල්ල කණ්ඩායමට අනුග්‍රාහකත්වය දක්වන්නෙ babu88 කියන betting site එක. මේවා අර තරගාවලි සංවිධායකවරයා කියපු පළියට අතපිහදාගන්න බැරි කාරණා වෙන්නෙ එනිසායි. https://babu88.net/
B-Love Kandy කියන නම ට නුවරට සපෝට් කරන අයත් අකමැති වුණේ ඒ නම කණ්ඩායමකට අවුල් බව දැණුනු නිසා වෙන්නැති. නමුත් ඒ නම පිටුපස සැඟවුණු ආයතනයත් අවුල් කියලා මේ අපි දෙන ලින්ක් ටිකට ගියාම ඔයාලට දැනේවි. https://blovekandy.com/blove-network/ මේ තමයි ඒ මවු සමාගම, https://www.scamadviser.com/check-website/blove.network මේ ඔවුන් ගැන වෙබ් අඩවියක ගිය කුප්‍රකට සටහනක්, https://behindmlm.com/mlm-reviews/b-love-network-review-innovation-factorys-2nd-token-ponzi/ මේ එහි පොන්සි ස්කීමික ස්වභාවය ගැන සටහනක්. අන්තිමට ම අපි පෙන්නන්න යන්නෙ B-Love Kandy කණ්ඩායමේ තවත් අනුග්‍රාහකයෙක්. https://www.scamadviser.com/check-website/bulleto.world
මේ දවස්වල පිරමීඩ ස්කීම් කිවුව ගමං කට්ටියට ම මතක් වෙන නම තමයි MTFE. මේ ළඟදි එයාලා තමුන් බංකොලොත් බව පිළිගත්තා. මිනිස්සුන්ගෙ සල්ලි බිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට අහිමි වුණා. එයාලා තමයි ජැෆ්නා කිංස් කණ්ඩායමේ අනුග්‍රාහකයො වෙන්නෙ. https://readme.lk/mtfe-sri-lanka-scam-sponsoring-lanka-premier-league/
අන්තිමටම කියන්නෙ මේ පූර්ණ LPL තරගාවලියට ම ඉන්න අනුත්‍රාහකයෙක් ගැන.
https://kheloyar.club/landing/Dashboard මෙයාලා ගැනත් මේ ලින්ක් එකට ගිහින් හොයලා බලන්න අමතක කරන්න එපා.