සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

බ්‍රේකිං බෑඩ් වෙලා ලංකාවටත් ඇවිත්

ආරංචි වුණාද මාස 6කට 7කට කලින් 2022 මැයි මාසයෙදි අටළුගම ප්‍රදේශයේ කුඩා දැරියක් ඝාතනයට ලක් වුණු පුවත. අන්න ඒ සිද්ධියේ සැකකරුවා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉඳලාලු. අයිස් ගැන ලංකාවෙන් නොයෙක් ප්‍රවෘත්ති අහන්න ලැබෙන්නෙ අවුරුදු පහකට විතර කලින් වුණාට, බ්‍රේකිං බෑඩ් රසිකයන් සෑහෙන පිරිසක් ඉන්න ලංකාවට අයිස් නුහුරු නුපුරුදු නෑ. අයිස් කියන්නෙ අයිස් කෑලි වගේ නිසා වුණාට බ්‍රේකිං බෑඩ් බලපු අය දන්නවා ඇත්ත නම. ක්‍රිස්ටල් මෙත් එහෙමත් නැත්නම් මෙතම්ෆැටමීන්.

මේක ලිවීමෙන් අපි කරන්නෙ ඇබ්බැහියට උනන්දුව ඇති කිරීමක් නෙමෙයි. මේ අර්බුදය වටහා ගැනීමේ ඔබේ අයිතිය වෙනුවෙන් Ceylon Journal අප තබන සවිස්තරාත්මක සටහනයි මේ.

 

අයිස්

අයිස් කියන්නෙ පෙණුම නිසා දාගත්තු නමක්. ඇත්ත නමින් කතා කළොත් Methamphetamine කියන්නෙ මිනිස්සු හදාගත්තු දෙයක්. මේකෙන් වෙන්නෙ මොළය උත්තේජනය කිරීම. කෙටියෙන් කිවුවොත් මොළය සහ ශරීරය අතර සිද්ධ වෙන පණිවුඩ හුවමාරුව අතිශය වේගවත් කිරීම. ක්‍රිස්ටල් මෙත් වලින් දිග කාලයක් පවතින උත්තේජනයක් ලැබෙන බව කියනවා. මූලික උද්වේගකර හැඟීම මිනිත්තු කිහිපයක් පැවතුනත්, එහි සාමාන්‍ය හැඟීම උපරිමය පැය 12ක් දක්වා රැඳෙන බවත් පැවසෙනවා. ක්‍රිස්ටල් මෙත් භාවිතයට ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. සමහරු කුඩු කරලා නහයෙන් ඉහළට අදිනවා. සමහරු විදුරුමසේ තවරාගන්නවා. සමහරු එන්නත් කරගන්නවා. නමුත් පහුලව සිද්ධ වෙන්නෙ රත් කරලා දුම් උරා බීම. එයට හේතුව විදියට කියන්නෙ ඉක්මන් ප්‍රතික්‍රියාව.

 

ඇබ්බැහිය

මෙන්න මේ කියන මූලික උද්වේගකර ප්‍රතික්‍රියාවට පස්සෙ දැනෙන ආශ්වාදය පැය කිහිපයකින් ගිලිහී යන නිසා එය සිරුරේ තබා ගැනීමට අවශ්‍ය වීම ඇබ්බැහියක් දක්වා මේ ආශාව ගෙන යනවා. කොහොම නමුත් මේ ආශාව ඇබ්බැහියක් වූ පසුව කෑම අරුචිය, නින්ද ගිලිහීම ආදී දේ සිරුරට විඳින්න සිදු වෙනවා. 

ඇබ්බැහියේ මූලික අවධියේදී මනසට සතුට සහ විශ්වාසය ලැබෙන බවයි පැවසෙන්නේ. දෙවැනි ලෝක යුද්ධ සමයේදී සෙබළුන්ගේ මානසිකත්වය වර්ධනය කරන්නට මෙතම්ෆැටමීන් භාවිතා කළ බව පැවසෙනවා. අධික ක්‍රියාශීලීත්වයක් සමග දැඩි කලබලකරී බවක් දැකිය හැකි මෙම මත්ද්‍රව්‍ය, අධික ලෙස ඇබ්බැහි වන සුළු බව පැවසේ.

 

වෙනසක්

ක්‍රිස්ටල් මෙත් භාවිතා කළ අයෙකුගෙන් දකින්න ලැබෙන්නේ අපි මේ ඉහත කියපු කලබලකාරී ගතිය පමණක් නොවෙයි. සිරුර යම් කුල්මත් බවකින් සිටිනු දැකිය හැකි වීම. මුව වියළීම නිසා නිතර දෙතොල් තෙත් කරනු දැකිය හැකි වීම සහ ඇස් විශාල කරගෙන සිටීම. වේගවත් හෘද සපන්ධනය, අධික දහදිය දැමීම සහ වේගවත් හුස්ම ගැනීමත් මේ පුද්ගයින්ගෙන් දැකිය හැකි තවත් සුලබ ලක්ෂණයක් වේ. ලිංගික ආශාව සහ නැඹුරුව ඉහළ යාමත් මෙමගින් දැකිය හැකි වෙනසක් වෙයි.

 

අර්බුද

අපි මුලින්ම කතා කරමු ක්‍රිස්ටල් මෙත් පාවිච්චියෙ තියෙන වක්‍රාකාර බලපෑම්. එන්නත් කරන කටු නිසා පිටගැස්ම හැදෙන්න පුළුවන්. රුධිර නාලවලට හානි සිද්ධ වෙන්න පුළුවන්. එන්නත් කටු පොදුවේ පාවිච්චි කරලා රුධිරයෙන් බෝවෙන නොයෙක් රෝග වගේම ලිංගාශ්‍රිත රෝග බෝවෙන්න පුළුවන්. ඊට අමතරව ඉතිං අධිමාත්‍රාව නිසා මේක යන්න පුළුවන් නරකම ඉම තමයි මරණය. ඒ අතරේ තියෙනවා තවත් නොයෙක් වූ අර්බුද. හුස්ම ගැනීමේ අපහසුතා, හිසේ කැක්කුම, ක්ලාන්ත ගතිය, හෘද සඵන්දනය ඉහළ යෑම, පපුවේ වේදනාව සහ හෘද්‍යාබාධ දක්වා මේ අර්බුද වැඩෙමින් යයි.

 

පටන් අරං නැවැත්තුවොත්

අයිස් භාවිතය පටන් අරං නැවැත්තුවොත් සිද්ධ වෙන්නෙ මොකද්ද? ඇබ්බැහිය නවත්තා ගත්තොත් ඔබට දැනෙන්න ගන්නේ ඔබට මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු වෙලාවේ දැණුනු හැඟීමේ අනිත් පැත්ත. අන්න ඒකයි මේ මත්ද්‍රවය භාවිතයට ඔයාව ඇබ්බැහි කරන්නත් හේතුව. ඒ නිසා ඔබට ආත්ම විශ්වාසයේ හීන බවක්, දැනෙන්න පුළුවන්. ඒ වගේම සැළසුම් කිරීමකදී එන ගැටළු, අවධානය යොමු කිරීමේ අපහසුතා වගේම ශාරීරික සහ මානසික සංකූලතා හටගැනීම සිදුවෙයි. මේ නිසා දන්ත රෝග, ශරීරයේ බර අඩුවීම, විෂාදය, හදවත් රෝග, මානසික රෝග වැනි දෑ නිරන්තරව අත්දැකිය හැකි වනු ඇත.

 

කොයිතරම් විස්තර කිවුවත් අපේ සටහන අවසන් කරන්නේ ඔබ මේ වෙනුවෙන් අත්දැකීමක් ලබන්න හෝ අත්හදාබැලීම නොකළ යුතු බව අවධාරණය කරමින්