විශේෂාංග
ඊශ්‍රායලයේ තවත් විශ්මිත මෙහෙයුමක්

ඔපරේෂන් රූස්ටර් 53 යනු ඊජිප්තියානු පී-12 රේඩාර් පද්ධතියක් අල්ලාගැනීමේ අරමුණින් ඊශ්‍රායල හමුදා සිදු කල මෙහෙයුමකි.බොහෝ විට හුදු ඔපරේෂන් රූස්ටර් ලෙස හඳුන්වනු ලබන එය 1969 දෙසැම්බර් 26 සහ 27 යන දිනවල සිදු කරන ලදී. නහාල් බළකායේ 50 වැනි බලඇණිය, ප්‍රභූ පැරෂුට් භට ඔත්තු බැලීමේ ඒකකය Sayeret Tzanhanim සහ ඊශ්‍රායල ගුවන් හමුදාව සහභාගි වුන හමුදා මෙහෙයුමකි.
1956 සිට 1970 දක්වා කාලය තුල සෝවියට් දේශය විසින් ඇමරිකන් ඩොලර් බිලියන 3ක් පමණ වටිනා යුධ උපකරණ හා අරමුදල් ඊජිප්තුව වෙත සම්පාදනය කරන ලද්දේය. T-55 යුධ ටැංකි මෙන්ම S-75 Dvina වැනි සෝවියට් ගුවන් ආරක්ෂණ පද්ධති හා මිග්-19, මිග්-17 හා සුකොයි Su-7 යානා ඊජිප්තුව වෙත සෝවියට් දේශය වෙතින් ලබාදී තිබුණි. එයට අමතරව සෝවියට් හමුදා උපදේශකයින් ඊජිප්තුව වෙත යැවීමටත් සෝවියට් දේශය ක්‍රියා කළේය. සය දින යුද්ධයේ අමිහිරි පරාජයෙන් වසර දෙකකට පසුව ඊශ්‍රායලයටට එරෙහි විශාල පන්නයේ හමුදා මෙහෙයුම් සිදුකිරීමට ඊජිප්තුවේ අවධානය යොමුවන්නේ සෝවියට් දේශයෙන් ලැබුණු නවීන අවි ආයුධ හා පුහුණුව නිසා බව කිවහැකිය. CIA හා මොසාඩ් සංවිධාන වල ඇසට වැලිගසා සෝවියට් දේශය විසින් කොකේසස් මෙහෙයුම යටතේ ඊජිප්තුව වෙත කෘෂිකාර්මික උපකරණ රැගෙන එන මුවාවෙන් සෝවියට් වාණිජ නෞකා වල යට තට්ටුවේ සඟවා සේවස්තෝපල් සිට Mig-21 යානා හා S-125 ගුවන් යානා නාශක මිසයිල, P-12 ජංගම පුර්ව අනතුරු ඇඟවීම් රේඩාර් ඊජිප්තුව වෙත රැගෙන එන ලද්දේය. AN-32 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා මගින් සෝවියට් හමුදා උපදේශකයින් ද එවීමට සෝවියට් දේශය ක්‍රියාකළ අතර 1967 වනවිට ඊජිප්තුව තුල 2500 – 3000ත් අතර සෝවියට් හමුදා භටයින් ප්‍රමාණයක් සිටියහ.
සය දින යුද්ධයේදී ඊශ්‍රායලය විසින් මෙම නැව්ගත කරන ලද උපකරණ කිහිපයක් අල්ලාගෙන තිබූ අතර එමඟින් ඊජිප්තු ගුවන් ආරක්‍ෂාවේ දුර්වලතා පිළිබඳව විශාල අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. ඊජිප්තුවට නව පද්ධති පැමිණීමත් සමඟ, ඊශ්‍රායලය මේවා සමඟ කටයුතු කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමට උත්සාහයක් ගනිමින් සිටියේය. පී-12 රේඩාර් පද්ධතියක් රාස් ගරිබ් වෙරළේ තබා ඇති බව ඔත්තු බැලීමේ මෙහෙයුම් මගින් පෙන්නුම් කරන ලදී. එය ගුවන් ප්‍රහාරයකින් විනාශ කිරීමට දැරූ උත්සාහය අවලංගු කරන ලදි.එසේ අවලංගු කරන ලද්දේ පී-12 රේඩාර් පද්ධතිය විනාශ නොකර එය වැඩිදුර අධ්‍යයනය කිරීමටයි .
සැලසුම
මෙහෙයුම සැලසුම් කිරීම දෙසැම්බර් 24 වැනි දින ආරම්භ විය. IDF අණදෙන ජාලයෙන් එයට අනුමැතිය ලැබුණු අතර සය දින යුද්ධයේදී අල්ලා ගන්නා ලද රේඩාර් පද්ධති පිළිබඳ පුහුණුව ආරම්භ විය. Sikorsky CH-53 හෙලිකොප්ටර් යානා ඊශ්‍රායල භූමියට රේඩාර් රැගෙන යාමට තෝරා ගන්නා ලදී.
මෙහෙයුම ක්‍රියාත්මක කිරීම
දෙසැම්බර් 26 වැනිදා රාත්‍රී 9ට මෙහෙයුම ආරම්භ විය. ඝණ අන්ධකාරය දෙකඩ කරමින් රෙඩ්ෆිම් ගුවන් පථයෙන් ඊශ්‍රායෙල් ගුවන් හමුදාවට අයත් A-4 Skyhawk යානා 4ක් හා F-4 Phantom යානා 6ක් ගුවනට නැගිනි. එම යානා රතු මුහුදට ඉහලින් පියඹා ගොස් රාස්-ගරේබ් වෙරළ තීරය හා සූවස් ඇළේ දකුණු පිවිසුමේ ඊජිප්තු හමුදා වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ගුවන් ප්‍රහාරය අතරවාරයේ ඊජිප්තු රේඩාර් තිරයේ තවත් යානා 3ක් දර්ශණය වුවත් එන්ජින් ශබ්දයක් නොඇසුනු හෙයින් ඊජිප්තුවරුන් සිතුවේ නිසැකවම ඒවා අඩු බලයකින් අහසේ පාවී යා හැකි ඊශ්‍රායෙල් ගුවන් හමුදා නිරීක්ශණ යානා වියහැකි බවයි. නමුත් එය එසේ නොවිණි, එලෙස නිරීක්ශණය වූයේ ප්‍රහාරක ජෙට් යානා වලින් නැගෙන අධික ශබ්දය මැදින් රහසේම පියඹා එන ඊශ්‍රායලයට අයත් SA-321 සුපර් ෆෙලෝන් වර්ගයේ හෙලිකොප්ටර යානා 3කි, එම යානා රහසේම රාස්-ගරේබ් වෙත පැමිණෙමින් තිබිණි. එහි සිටියේ අන් කිසිවෙක් නොව ලුතිනන් කර්නල් ඇරෙයි සීඩොන් විසින් අණදුන් ඊශ්‍රායෙල් සයරෙට් ටසාන්හනිම් විශේෂ බලකායේ නහාල් බ්‍රිගේඩයේ 50 වන බලඇණියට අයත් විශේෂ බලකා පැරෂුට් භට ඛණ්ඩයකි. විශේෂ බලකා ඛණ්ඩය මධ්‍යම රාත්‍රියේදී ගුවනේ සිට පැරෂුට් ආධාරයෙන් පොළවට පැමිණියේය. ඔවුන්ගේ ගොඩබෑම් ස්ථානයේ සිට මීටර් කිහිපයක් එහායින් රේඩාර් පද්ධතිය ස්ථානගත කර තිබුනු හෙයින් ඔවුන්ට අණ ලැබී තිබුනේ රහසිගතව සතුරාට නිරාවරණය නොවී මෙහෙයුම සිදුකරන ලෙසයි. ඒ අනුව මධ්ය්ම රාත්‍රියේ අඳුර මැදින් ඔවුන් P-12 පද්ධතිය ආසන්නයට පැමිණියේය. එහිදී ඔවුන්ට දක්නට ලැබුනේ තමන් සිතුවාටත් වඩා කුඩා සෙබල කණ්ඩායමක් එය ආරක්ශා කරන බවයි, මෙතරම් වටිනා රේඩාර් පද්ධතියක් ආරක්ශා කිරීමට යොදවා ඇති ලිහිල් ආරක්ශාව පිලිබඳව ඔවුන් පුදුමයට පත්වූ අතර එනිසාවෙන්ම ඊශ්‍රායෙල් හමුදාව ඉතාමත් පහසුවෙන්ම රේඩාරය අත්පත් කරගැනීමට සමත්විය. 27 වැනිදා අලුයම 2 වනවිට ඊශ්‍රායෙල් හමුදා ප්‍රදේශයේ ආරක්ශාව තර කරගැනීමට සමත්වු අතර ඔවුන් රේඩාර් පද්ධතිය රැගෙන යාම වෙනුවෙන් කොටස් වලට ගැලවීම ආරම්භ කළේය. සැලසුම අනුව පාබල මෙහෙයුම අවසන් වූ වහාම ඔවුන් දැනුම් දුන් අවසරයෙන් CH-53 යානා ද්විත්වය රතු මුහුදට ඉහලින් පියඹා විත් ඔවුන් සිටි ස්ථානයට ලඟා විය. එහිදී එක් CH-53 යානයකට සන්නිවේදන මොඩියුලය හා ඇන්ටෙනාව එල්ලන ලද අතර අනෙක් යානයට ටොන් හතරක් බරැති රේඩාර් මොඩියුලය සම්බන්ධ කලේය. සියලු සම්බන්ධතා වලින් පසුව යානා දෙක රේඩාරය සමග රතු මුහුද හරහා නැගෙනහිර දෙස සීනායි හී ඊශ්‍රායෙල් පාලන ප්‍රදේශය වෙත පැමිණීම ආරම්භ කළේය.
ටොන් 4ක් බරැති රේඩාර් මොඩියුලය CH-53 යානයට වඩා බර වූ අතර රේඩාර් පද්ධතිය සම්බන්ධ කර ඇති කේබල් නිසා පියාසැරියේදි එය දෙපසට දෝලනය විය, එය යානයේ හයිඩ්‍රොලික් නල පද්ධතියට බලපෑම් එල්ල කල අතර එක් නලයක් බිඳී යාම යානයේ පියාසැරිය හා පාලනයට බාධා එල්ල විය. රේඩාර් පද්ධතිය අත් නොහැරියහොත් යානය කඩාවැටීම නියත වූ පසුබිමක නියමුවාට අන් විකල්පයක් නොවූ නමුත් නියමුවන් දෙදෙනාගේ දක්ශකමින් රතු මුහුද හරහා නිරුපද්‍රිතව පැමිණීමට ඔවුන් සමත්වූ අතර තමන් විසින් අපහසුවෙන් රැකගත් හයිඩ්‍රොලික් පීඩනය නිසාම අවසානයේදි ඔවුන්ට තම ගමනාන්තයට පෙර ආරක්ශිත හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවිය. ඒ වනවිටත් අනෙක් යානය තම සැහැල්ලු උපකරණ කිහිපය සමග ගමනාන්තය වෙත පැමිණ තිබූ අතර එම යානය වහාම අනෙක් යානය මුදවා ගැනීමට යැවිණි. මෙවර එම යානා දෙකම රේඩාර් පද්ධතිය රැගෙන පියාසර කල අතර නැවත වරක් අවසාන ගමනාන්තය වෙත පැමිණීමේදි යානා දෙක අධික බර නිසා අනතුරට ලක්විය. කෙසේ වෙතත් ඔවුන්ගේ මෙහෙයුම සම්පුර්ණ ව තිබූ අතර ඔවුන් රේඩාර් පද්ධතිය රැගෙන එනතෙක් රෙඩ්ෆිම් බලා සිටි සංඥා විශේෂඥයින්ට එය ලබාදීමට ඔවුන් ක්‍රියා කළේය. මෙම රේඩාර් පද්ධතිය අධ්‍යනය කිරීමෙන් පසු IDF හී ප්‍රති ඉලෙක්ට්‍රොනික යුධ හැකියාවන් නැවත වරක් යාවත්කාලීන කරන ලද අතර සුවස් ප්‍රදේශ තුල ඊශ්‍රායෙල් ගුවන් ආධිපත්‍යයට ඇති තර්ජනය මැඩලීමටත් ඔවුන් සමත්විය. මෙම මෙහෙයුම රහසක් ලෙස තබා ගැනීමට උත්සහ ගත්තත් විදෙස් මාධ්‍යය මෙම පුවත වාර්තා කිරීමත් සමග ලෝකයේ අවධානය මේ වෙනුවෙන් යොමුවීම නිසාවෙන්ම මෙම රේඩාර් පද්ධතිය අධ්‍යනය කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය වෙත භාරදීමට ඊශ්‍රායලයට සිදුවිය.
P-12 Yenisei යනු 1954 සහ 1956 අතර කාලය තුළ සංවර්ධනය කරන ලද P-12 පෙර P-10 රේඩාර් හි සංවර්ධනයකි. P-12 සංවර්ධනය කරන ලද්දේ රාජ්‍ය කම්හල අංක 197 හි අංශයක් වන SKB නිර්මාණ කාර්යාංශය විසින් වන අතර එය පෙර P-10 සංවර්ධනය කරන ලද V. I. ලෙනින් විසින් නම් කරන ලද අතර එය වත්මන් ගුවන්විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ නිශ්නි නොව්ගොරොද් පර්යේෂණ ආයතනයේ (NNIIRT) පූර්වගාමියා වේ. ] රේඩාර් පරීක්ෂණ වැඩසටහන සාර්ථකව නිම කිරීමෙන් පසුව 1956 දී Yenisei රේඩාර් සේවයට භාර ගන්නා ලදී.
1958 දී P-12 හි නවීකරණය කරන ලද ප්‍රභේදයක් පරීක්ෂණ ක්‍රියාවලිය සමත් වී P-12M ලෙස සේවයට ඇතුළත් විය, නවීකරණය කරන ලද රේඩාර් 10 MHz පරාසයක් තුළ රේඩාර් සංඛ්‍යාතය මාරු කිරීමේ හැකියාව ඇතුළත් විය. 1962 දී P-12MP ආකාරයෙන් තවත් නවීකරණයක් සිදු වූ අතර එහි වැඩි දියුණු කළ විශ්වසනීයත්වය, අඩු පැති විකිරණ සහ සෙන්ටිමීටර බෑන්ඩ් සෙවුම් රේඩාර් සමඟ යුගල කිරීමේ හැකියාව ඇතුළත් විය, 1970 දී රේඩාරයට ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා ෆ්ලිකර් උපකරණ ලබා දෙන ලදී. -විකිරණ මිසයිල.[1] P-12 හි අවසාන ප්‍රභේදය වූයේ P-12NP වන අතර එය P-12NA ලෙසද වෙනස් ප්‍රවාහන චැසියකින් නිපදවන ලදී. පෙර P-12MP සමඟ සසඳන විට P-12NP වැඩිදියුණු කළ හඳුනාගැනීමේ පරාසයන් සහ විශ්වසනීයත්වය මෙන්ම රේඩාර් මත ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලයේ පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා ඇන්ටෙනාවේ සිට මීටර් 500 ක් දක්වා පාලක මැදිරිය ස්ථානගත කිරීමේ හැකියාව ඇතුළත් විය.
P-12 රේඩාර් පද්ධතිය සෝවියට් දේශයේ SKB සැලසුම්කරණ බියුරෝව විසින් නිපදවන ලද P-10 රේඩාර් මාදිලියේ නවීකරනයකි. 1954 – 56 කාලවකවානුව තුල එය නවීකරණය කෙරුණු අතර කිලෝමීටර් 25ක උන්නතාංශයක් හා කිලෝමීටර් 200ක පරාසයක් මෙය සතුව තිබිණි. මුල්ම VHF සංඛ්යා ත මගින් අංශක 360ක පරාසයක් ආවරණය කෙරෙන මෙය කිලෝවොට් 180ක බලයක් වැයකරමින් ක්‍රියාත්මක වෙයි. මෙහි 100%ක් නිරවද්‍ය පරාසය කිලෝමීටරයක් පමණ වන අතර S-75 ගුවන් යානා නාශක මිසයිල වලට මගපෙන්වීම වෙනුවෙන් මෙය නිෂ්පාදන කෙරිණි. “Spoon Rest A” යන නේටෝ කේත නාමයෙන් හඳුන්වනු ලැබූ මෙය සෝවියට් දේශය හැරුණු විට ඊජිප්තුව හා වියට්නාමයේ භාවිතා කෙරිණි.
පිටපත – ඉසුරු අබේසිංහ.