සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වෘත්තිකයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්.

විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති  ෙජ්‍යෂ්ඨ කථිකාචාර්‍ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කලේ මේ වන විට විශ්ව විද්‍යාල පද්ධතිය මුහුණ දෙන ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට ඔවුන් සූදානම් බවය​. එමෙන්ම තම වෘත්තිකයින් පීඩාවට පත්ව ඇති ආකාරය සම්බන්ධයෙන් හා ජනාධිපතිවරයා අදාළ ගැටළුව විසඳීම සඳහා මෑත කාලීනව ලබා දුන් පොරොන්දු පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව ද ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කලේය​.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ චාරුදත්ත ඉලංගසිංහ මහතා,

“විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සමිති සම්මේලනයට ජනාධිපතිවරයා සමග අද දවසේ (13) සවස 04.00ට රැස්වීමක් දීල තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලයේම අපි මාධ්‍ය හරහා ඒ වගේම ලිපි මගින් ජනාධිපතිවරයාට සෘජුවම දැනුම් දුන්නා පළවෙනි IMF සමාලෝචනයෙදී වෘත්තිකයන්ට වෙලා තියෙන හානි සම්බන්ධයෙන් වගේම බදු ගැටළුව නිසා පීඩනයට පත් වෙලා ඉන්න වෘත්තිකයින් සම්බන්ධයෙන් යම්කිසි තීරණයක් ගන්නවා කියන එක​. අපි දිගින් දිගටම මේ සම්බන්ධව මොකක් ද වන්නේ කියන කාරණය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඒ අනුව අද හවස 04:00ට ජනාධිපතිවරයා සමග රැස්වීමක් දීලා තියෙනවා.”

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහා ද ජනාධිපතිවරයා අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් ලබාදී තිබේ. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අදාළ සාකච්ඡාවට තම විධායක සභාව සහභාගී වන බවය​.

Tags