සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අපිරිසිදු ජල ප්‍රභව රෝග රැසකට හේතු විය හැකියි.

පවතින වියළි කාළගුණික තත්වය හමුවේ ජල මූලාශ්‍ර බොහෝමයක් සිඳී ගොස් ඇති බැවින් පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීම බොහෝ ප්‍රදේශයන්හි දුෂ්කර කාර්‍යයක් බවට පත්වී තිබේ. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කර සිටින්නේ මේ දිනවල පවතින ඉහළ උෂ්ණත්වය නිසා පිරිසිදු ජලය වැඩි වශයෙන් පානය කල යුතු බවත් පොදු ජල ප්‍රභව තුලින් ජලය ලබා ගන්නේ නම් එම ජලය යම් තරමකට දූෂණය වී තිබීමට හැකියාව ඇති බැවින් උතුරවා නිවාගත් ජලය පානය කිරීමට​ කටයුතු කරන ලෙසත් ය​.

වැව් සහ ගංගා ඇළ දොළ ආශ්‍රිතව ජලය පරිභෝජනය කරන්නේ නම් පවතින තත්වය යටතේ එම ජල ප්‍රභව බොහෝමයක් දූෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් සමේ රෝග, පාචනය සහ මී උණ වැනි තත්වයන් වාර්තා විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි. සුළු වශයෙන් ජලය රැඳී තිබෙන ස්ථාන වල එම ජලය සමග කටයුතු කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසට ද උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත​.

 

Tags