සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

රුසියාවට බලපෑ සුනාමියෙන් කිසිදු ජීවිත හානියක් නෑ – විදෙස් මාධ්‍ය

රුසියාවට බලපෑ රික්ටර් මාපකයේ 8.8ක දැවැන්ත භූමිකම්පාවෙන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ සුනාමියෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය නිවැරදි වේලාවට ක්‍රියාත්මක වූ බැවින් පුද්ගලයින් ඉවත් කිරීමය හැකි වීම හේතුවෙන් හානිය වළක්වා ගැනීමට හැකියාව ලැබූ බවයි.

මේ අනුව මේ වන විට භූමිකම්පාව සිදුවූ කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි තර්ජන අනතුරු ඇඟවීම අවලංගු කර තිබෙනවා.

තවද අර්ධද්වීපයේ දකුණු කෙළවරේ පිහිටා ඇති සෙවෙරෝ-කුරිල්ස්කි දිස්ත්‍රික්කය ද සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මේ අතර රුසියාවේ පෙරදිග අර්ධද්වීපයට දකුණින් පිහිටි ගිනිකඳු දුපත් සමුහයක් වන උතුරු කුරිල් දූපත්වලට ද තවදුරටත් සුනාමි තර්ජනයක් නොමැති බව රුසියාවේ සකාලින් කලාපයේ ආණ්ඩුකාර වැලරි ලිමරෙන්කෝ නිවේදනයක් සඳහන් කරනවා.

Tags