විදෙස් පුවත්
ජපානයට නව අගමැතිවරියක්
ජපානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) දිනයේ සිය ධුරයට පත්වී ඉතිහාසයේ නම ලියවා ඇත. ජපාන පාර්ලිමේන්තුවේ පැවති විශේෂ ඡන්ද විමසීමකදී ඇය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 237ක් දිනා ගෙන අගමැති ධුරය සඳහා තෙරීමට සමත්විය.
64 හැවිරිදි තකයිචි, ජපාන පාලක පක්ෂයේ නායකත්වයට මීට දෙසතියකට පෙරම තෝරාගෙන තිබේ. හිටපු අගමැති ෂිගෙරු ඉෂිබා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වීමෙන් හිස්වූ ධුරය පිරවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, පාලක පක්ෂය සමඟ සිටි කොමෙයිතෝ පක්ෂයේ සහාය ඇයට අහිමි විය. ඒ වෙනුවට, විපක්ෂයේ දක්ෂිණාංශික ජපාන නව්‍යකරණ පක්ෂය සමඟ සන්ධාන ගොඩනැගීමෙන් ඇයගේ බලය තහවුරු කරගැනීමට හැකි විය.
තකයිචිට එදින සිට මුහුණ දෙන්නාවූ අභියෝග අතර මන්දගාමී ජපාන ආර්ථිකය නැවත ගොඩනැගීම, ජපාන-අමෙරිකා සබඳතා ශක්තිමත් කිරීම සහ පාලක පක්ෂය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම යන කරුණු ඇතුළත් වේ.
1961 දී නාරා ප්‍රාන්තයේ උපන් තකයිචි, 1996 දී පළමු වරට ජපාන පාර්ලිමේන්තුවට පිවිසී, මේ වනවිට අවස්ථා 10කදී සිය පාර්ලිමේන්තු අසුන රැකගැනීමට සමත්වී ඇත. රොක් ශෛලියේ ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස ද ජනප්‍රිය වූ ඇය, දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු නව ඉතිහාසයක් නිර්මාණය කරමින් ඇත.
