සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ඉන්දියාවට ගුවන් අවකාශය වසා දැමීමේ තීරණය පාකිස්තානය තවත් දීර්ඝ කරයි

ඉන්දීය ගුවන් සේවා මඟින් ක්‍රියාත්මක කරන ගුවන් ගමන් සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට පාකිස්තානය ගත් තීරණය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.

පාකිස්තානු ගුවන්තොටුපොළ අධිකාරිය (PAA) පැවසුවේ මෙම තීරණය අගෝස්තු 24 දක්වා බලපැවැත්වෙන බවයි.

ඉන්දියානු වේලාවෙන් ඊයේ (19) ප.ව. 3.50ට බලාත්මක වූ මෙම තීරණයත් සමඟ ඉන්දියානු ගුවන් මඟින් ක්‍රියාත්මක කරන කිසිඳු ගුවන් යානයකට ඉන්දියාවට අයත් හෝ බදු දී ඇති හමුදා සහ සිවිල් ගුවන් යානාවලට පාකිස්ථාන ගුවන් අවකාශය භාවිතා කිරීමට අවසර හිමි නොවුණු ඇති.

පසුගිය අප්‍රේල් 22 වනඩ් පුද්ගලයින් 26 දෙනෙක්ට මරු කැඳවූ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව පකිස්ථානයට එරෙහිව ඉන්දීය රජය පකිස්ථානු ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් අවකාශය වසා දැමුවා.

ඊට ප්‍රතිචාර ලෙස පාකිස්තානය අප්‍රේල් 24 වනදා ඉන්දියානු ගුවන් යානා සඳහා තම ගුවන් අවකාශය වසා දැමීමට කටයුතු කළා.

Tags