එදිනෙදා ජීවිතය
ඔයා කොන්ඩම් ගැන කොයි තරම් දුරට දන්නවද?
කොන්ඩම් කියන්නෙ හැංගිලා කතා කරන්න ඕන මාතෘකාවක් නෙමෙයි. කොන්ඩම් කියන්නෙ වචනෙ ඇහුනම මූනට අමුතු හිනාවක් එන්න ඕන දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකමක ආරක්ෂාව වෙනුවෙන් නිපදවපු ආරක්ෂත උපාංගයක් විතරයි. විතරමයි. අන්න ඒ නිසා කොන්ඩම් ගැන තියෙන මනස්ගාත ඔළුවෙන් දුරු කරගන්න අපි මේ ලියන කොන්ඩම් ගැන සටහන් දෙකේ පළමු ලිපියෙන් මේ කතාව කියවන්න ආරම්භ කරන්න. දෙවැනි ලිපියත් අපි නුදුරේදීම ලබා දෙන්නම්. මුලින්ම අපි මූලික කාරණා ටිකට විසඳුම් හොයලා මේ වැඩේ ආරම්භ කරමු.
හරි කොන්ඩම් එක ගත්තද?
හරි වැරදි කතාව තීරණය වෙන්නෙ උවමනා එපා කම් අනුව. මොකද ප්‍රමාණය නම් දැන් හැමෝටම ෆ්රීසයිස්. ඒ ඇරෙන්න දැන් කොන්ඩම් ගත්තහම එක එක විදියේ ඒවා තියෙනවා. සාමාන්‍ය කොන්ඩම්, ලුබ්රිකන්ට් සහිත කොන්ඩම්, රැළි වැටුණු කොන්ඩම්, ඩොට් සහිත කොන්ඩම්, ඝන කවර කොන්ඩම්, තුනී කවර කොන්ඩම්, චොක්ලට් හෝ ස්ට්‍රෝබෙරි හෝ බනානා සුවඳැති කොන්ඩම්, වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න පුළුවන් කොන්ඩම් වගේ විවිධ දේ අපේ අවශ්‍යතාවය අනුව තෝරාගන්න පුළුවන්. කොන්ඩම් දාලා කරන්නේ යෝනි සංසර්ගය හරි ගුද සංසර්ගය හරි විතරක් නෙවෙයි. කොන්ඩම් දාලා මුඛ සංසර්ගයත් කරනවා. ඒ නිසා ෆ්ලේවර්ස් තිබීමත් වටිනවා.
කොන්ඩම් එක පර්ස් එකේද?
අපි ආරක්ෂිත ලිංගික ඇසුරක් වෙනුවෙන් කොන්ඩම් එකක් ළඟ තියාගන්න කිවුවට ඒක පර්ස් එකේ දාගන්න එක අවුලක්. පර්ස් එක කියන්නේ කොන්ඩම් එක දාන්න ආරක්ෂාව අතින් අඩුම තැනක්. කොන්ඩම් එකට ආරක්ෂාව නෑ කියන්නේ, කොන්ඩම් එක දාලා කරන කාරියටත් කොන්ඩම් එකෙන් ආරක්ෂාවක් නැහැයි කියන එක තමයි. ඒ කියන්නේ කොන්ඩම් එක හරි ආරක්ෂාවක් නැතුව තියෙනවා කියන්නේ ඉරෙන්න බලනවා. එතකොට දාපු එකෙනුත් වැඩක් නෑ. ඒ වගේම තමයි ඔය ගෑණු ළමයින්ගේ හෑන්ඩ් බෑග් එකත් දීර්ඝ කාලීනව කොන්ඩම් දාලා තියන්න හොඳ තැනක් නෙවෙයි. හොඳම දේ තමයි තමන්ට අවශ්‍ය මොහොතෙදී කොන්ඩම් මිලදී ගන්න එක. එහෙම නැතිනම් ගෙදර සිසිල් -ඒ කිව්වේ කාමර උෂ්ණත්වයට වඩා අඩු- සහ වියලි තැනක කොන්ඩම් ගබඩා කරලා තිබ්බට කමක් නෑ.
කොන්ඩම් එකා දාගන්න විදිය
ෆුල් දිග ඇරලා කොන්ඩම් එක දාන්න යන්න එපා. කොන්ඩම් එකක් හරි විදියට පළඳින්නේ මෙහෙමයි. මුලින්ම කොන්ඩම් පැකට් එකේ කොණකින් අල්ලලා ඉරන්න. හැබැයි මැද්දෙන් ඉරන්න, දත් වලින් ඉරන්න, කතුරු වලින් කපන්න යන්න එපා. ඒ ඇයි කියලා කියන්න ඕන නෑනෙ. දැන් කොන්ඩම් එක ඉරා නොගෙන එලියට ගත්තට පස්සේ, ඒකේ රෝල් කරලා තියෙන ගැටිය පිටතට හිටින විදියට ශිෂ්ණය උඩින් තියාගන්න. දැන් කොන්ඩම් එකේ උඩම තියෙන පොඩි බුබුලක් වගේ කෑල්ලට වායු බුබුළු ඇතුළු නොවෙන විදියට හොඳින් මිරිකාගෙන, කොන්ඩම් එකේ රෝල් කරලා තියෙන ගැටිය ශිෂ්ණය දිගේ පහතට දිග අරින්න. සම්පූර්ණයෙන්ම ශිෂ්ණයේ මුල කොටසට එනකල්ම කොන්ඩම් එක ඔය විදියට දිග ඇර ගන්න.
ගැලවුනොත්
මෙහෙමයි. කොන්ඩම් එකක් හරි විදියට ශිෂ්ණයට පැළැන්දුවට පස්සේ ඕකත් එක්ක අමුතු සෙල්ලම් නොකරනවා නම් කොන්ඩම් එක ගැලවෙන්නේ හරි ඉරෙන්නේ හරි නෑ සාමාන්‍යයෙන්. හැබැයි කොන්ඩම් එක ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සංසර්ගය අතරතුරේදී ශිෂ්ණයේ සෘජු බව නැති වුනොත්. ඔව් එහෙම අකරතැබ්බ වෙනවා. වැඩේ යන අතරෙදී ලිංගය අප්රාණවත් වෙන්න පුළුවන්. අන්න එතකොට කොන්ඩම් එක ගැලවෙන්න පුළුවන්. ඒ වගේම කොන්ඩම් එකට හානි වෙලා තිබුණොත් හරි, සංසර්ගය තරමක් උද්වේගකර වුනොත් හරි කොන්ඩම් එක ඉරෙන්නත් පුළුවන්. ආන්න එහෙම වෙලාවක වැඩේ නවත්තන්න. ඉරුණු කොන්ඩම් එක ප්‍රවේසමෙන් ඉවත් කරලා අලුත් එකක් පළඳින්න. දැන් ආයෙමත් ඔබට අවස්ථාව ලැබෙනවා!
ගලවන්නත් විදියක් තියෙනවද?
ඇත්තටම කොන්ඩම් එකක් දාගන්නවා වගේම වැදගත් කාරණයක් තමයි කොන්ඩම් එකක් ගලවන්නේ කොහොමද කියන එකත්. හරි විදියට මෙහෙමයි. සාමාන්‍යයෙන් පිරිමියෙක්ට ශුක්‍ර මෝචනයට පස්සේ ශිෂ්ණයේ තියෙන ප්‍රාණවත් ගතිය එහෙමම තියෙන්නේ නෑ. අන්න ඒ නිසා කොන්ඩම් එක තියෙන ශිෂ්ණය යෝනියෙන් හෝ ගුදයෙන් හෝ මුඛයෙන් එළියට ගන්නකොට කොන්ඩම් එක ගැලවෙලා ඇතුළේ නොරැඳෙන විදියට ශිෂ්ණයේ පාදමේ තියෙන කොන්ඩම් එකේ මුලින්ම අල්ලගෙන එළියට ගන්න ඕන. ඊලඟට කොන්ඩම් එක ශිෂ්ණයේ පාදමේ ඉඳන් උඩට ලිස්සලා පිටතට ගන්න ඕන. මේක කරනකොටත් කොන්ඩම් එක මුලින් අල්ලගෙනම තමයි ගන්න ඕන. දැන් කොන්ඩම් එක ඇතුළේ තියෙන ශුක්‍ර තරලය ඉහිරෙන්නේ නැති විදියට කොන්ඩම් එක අල්ලලා, පාදමෙන් ගැටගහලා හරි නැතුව හරි ටිෂූ එකක හොඳින් දවටලා තමයි ඉවත් කරන්න ඕන.
එතකොට කොන්ඩම් එකක් දාන්නේ කොහාටද? අනිවාර්යයෙන්ම කසල බඳුනට තමයි කොන්ඩම් එක පාවිච්චි කළාට පස්සේ යන්න ඕන.