විශේෂාංග
යාත්‍රා ජල ක්‍රීඩා උපදේශකයෙකු සංවාදය

‘ජල ක්‍රීඩා උපදේශක’ යන නාමය අපේ රටට අලුත් දෙයක් නිසා අපි රමේෂ් සමඟ කතා කරන්න හිතුවා මෙම කර්මාන්තය, දුෂ්කරතා මෙන්ම හොද ජල ක්‍රීඩා උපදේශකයෙකු වීමට ඔහු/ඇය උනන්දු වන්නේ නම් ඔහු/ඇය තුළ තිබිය යුතු සපුරා ලිය යුතු දේවල් මොනවද කියලා.
ජල ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන ඔබ දක්වන අදහස කුමක්ද ?
මෙම ක්ෂේත්‍රය ලෝකයේ ඉතා ජනප්‍රිය වෙමින් පවතින ක්ෂේත්‍රයක්. විශේෂයෙන්ම යුරෝපීය රටවල එය වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක්. එයට ලෝකයේ එතරම් ඉල්ලුමක් තිබුණද වෘත්තියක් ලෙස ජල ක්‍රීඩා උපදේශකයන් වීමට ප්‍රමාණවත් පිරිසක් නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම යාත්‍රාවේ පුහුණුකරුවෙකු ලෙස සේවය කරන එකම ශ්‍රී ලාංකිකයා මමයි. රටක් වශයෙන් අපට ආයෝජනය කළ හැකි හොඳම කර්මාන්තවලින් එකක් කියල මම විශ්වාස කරනවා, ඒ සඳහා අවශ්‍ය සියලු ස්වාභාවික සම්පත් අප සතුව අප රට සතුව තියෙනවා.
ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස දියුණු කිරීමේ හැකියාවක් තිබේද? එසේ නම්, වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර මොනවාද?
ඇත්තෙන්ම අපට විශාල හැකියාවක් තිබෙනවා. නමුත් අපි පියවරෙන් පියවර යා යුතුයි. මුලින්ම ජල ක්‍රීඩා සඳහා නීති රීති තිබිය යුතුයි. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව මමදැඩිව සිතනවා. සියලුම කිමිදුම් මධ්‍යස්ථාන නියමිත ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන්නේ නැහැ. උදාහරණයක් විදියට මම දැකලා තියෙනවා සමහර වරල් කැඩිලා, ඔබ කිමිදෙන්නේ කැඩුණු වරලකින් නම් ඒක හරිම භයානකයි. මිනිසුන් බීමත්වකිමිදෙනවා. කිමිදුම්කරුවන්ට බරපතල අනතුරුදායක විය හැකි මලකඩ සහිත කිමිදුම් උපකරණ සහ ඉරී ඇති කිමිදුම් ඇඳුම් ද මම දැක තිබෙනවා, සෑම ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක්ම තම ගනුදෙනුකරුවන්ට ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා වාර්ෂිකව හෝ පරීක්ෂණයක් පවත්වන ලෙස මම යෝජනා කරනවා .
අපට බොහෝ දුර යා යුතු බව මම පිලිගන්නවා , විදේශ විනිමය ගෙන ඒම සඳහා මෙය ලාභදායී කර්මාන්තයක් බවට පත් කිරීම සදහා වූ මූලික කරුණු අනුගමනය කරන්නේ නම්, ඉතිරිය නිසි ආකාරයට සිදුවනු ඇති බව ද මතක තබා ගත යුතුයි. අපිට වතුර තියෙනවා. වෙනත් රට වල අය මේ දේවල් අලුතින් නිර්මාණය කරලා විදේශ විනිමය හොයනවා. අපට එය ස්වභාවිකවම ලැබිල තියෙනවා නමුත් අපි ඒ දේ හරියට භාවිතා කරන්නේ නෑ . ඒ වගේම මේක කර්මාන්තයක් ලෙස කරන්න නම් අපි මුහුද ආරක්ෂා කරන්න ඕන.
තල්මසුන් නැරඹීම නිසි ලෙස නියාමනය කළ යුතුයි. බෝට්ටු ගමන් කරන ආකාරය නිසා මුහුදු සතුන්ට හානියක් සිදුවීම් හෝ සතුන් වෙනත් ස්ථානයකට යාම සිදු විය හැකිය. වාණිජ මාර්ග මුහුදු සතුන්ගේ වාසස්ථාන වලින් ඈත් විය යුතුය.
අපිඅපි ශ්‍රී ලංකාවේ Yacht කර්මාන්තය ආරම්භ කිරීමට නම්, ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය කරුණු මොනවද ?
Yacht කර්මාන්තය යුරෝපීය ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී යාත්‍රා ආකර්ශනය කර ගැනීමට කැමති නම් අපි පළමුව අපගේ නීති රීති වැඩිදියුණු කළ යුතුයි.ඉන් ප්‍රධාන දෙයක් තමයි පරිසරයේ පිරිසිදුකම. අපේ වෙරළබඩ ප්‍රදේශ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ , ඒවායින් බොහොමයක් අපිරිසිදුයි. විදේශිකයන් ලංකාවට පැමිණි විට මුහුණ දෙන තවත් පොදු ගැටලුවක් වන්නේ ජල ක්‍රීඩා සඳහා ස්ථාවර මිලක් නොමැති වීමයි. සමහර විට ඔවුන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරන අතර එමඟින් අපේ රට ගැන වැරදි හැඟීමක් ඇති වෙනවා .
අප රටේ පවතින ප්‍රමිතීන් ලෝකයේ අනෙක් අය සමඟ සසඳන්නේ කෙසේද?
ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට බලපත්‍රයක් නොමැතිව කිමිදීම, ජෙට් ස්කී හෝ වෙනත් ඕනෑම ජල ක්‍රීඩාවකට සහභාගී වෙන්න පුළුවන්. නමුත් යුරෝපයේ ඔබට බලපත්රයක් තිබිය යුතුය. අපේ කිමිදුම් මධ්‍යස්ථාන බොහොමයක ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය උපකරණ නැහැ. මෙය ඇත්තෙන්ම භයානකයි.බොහෝ විදේශ රටවල කිමිදීමට අවශ්‍ය නම් එ සඳහා වලංගු බලපත්‍රයක් අවශ්‍ය වෙනවා . කිමිදුම්කරුවන් ආරක්ෂාකාරීව තබාගැනීමේ අරමුණින් තමයි මෙම නීති සියල්ල සකස් කරල තියෙන්නේ. බලපත්‍රයක් නැති අයට ගැඹුරු මුහුදට යන්න බැහැ.
ජෙට් ස්කී සහ ටෙන්ඩර් (කුඩා බෝට්ටු) පැදවීමට ද එවැනි බලපත්‍රයක් අනිවාර්යයයි . එක පාරක් මම ලංකාවේ මේ කිමිදුම් තැන් වලට ගියාම එයාලා කිව්වා ජෙට් ස්කී පදින්න එහෙම දෙයක් තියෙන්න ඕන නෑ කියලා. මම මේ රස්සාව අවුරුදු ගාණක් කරන නිසා ජෙට් ස්කී පැදවීමේදී සමබරතාවය තියාගෙන ඉන්න එක කොච්චර වැදගත්ද කියලා මම අත්දැකලා තියෙනවා. ඔබ වෙනත් කෙනෙකුව වතුර මතට ගෙන යන විට ඔහුගේ ජීවිතය ඔබේ අතේ බැවින් ඔහුට කිසිදු අනතුරකට මුහුණ නොදීමට වග බලා ගැනීම ඔබට භාරයි.
ඔබේ රැකියාවේ වාසි සහ අවාසි මොනවාද?
හොඳයි, මගේ රැකියාවේ ඇති ලොකුම දෙය නම්, මට ලොව පුරා විවිධාකාර ආකර්ෂණීය ස්ථානවල වැඩ කිරීමට ලැබීමයි. බොහෝ ස්ථාන මධ්‍යධරණී කලාපයේ ඇත, නමුත් රතු මුහුද, කැරිබියන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියන් සාගරය අවට මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා . ඒ වගේම අපිට නිතරම අලුත් අය මුණ ගැහෙනවා. Jennifer Lopez, Mark Anthony, Tony Blair සහ P Diddy මම සේවය සැපයු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක්.
එක් අවාසියක් නම් ඔබ සැමවිටම ඔබේ පවුලෙන් ඈත්ව සිටීමයි. ඒක තමයි මේ රැකියාවේ ස්වභාවය. නමුත් ජීවිතයේ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපකිරීම් කළ යුතුය. සමහර වෙලාවට අපිට විවේකයක් නැතිව එක දිගට වැඩ කරන්න වෙනවා. මිනිසුන්ගේ ආකර්ෂණය සහ ඔවුන් ගෙවන මුදලට හොඳම පුහුණුව ලබා දීම අපගේ කාර්යයයි. යාත්‍රා හිමිකරුට පවා තම සේවකයන් කොතරම් හොඳද යන්න පෙන්වීමට අවශ්‍ය වනු ඇති අතර ඔවුන්ට හොඳම අය යෙදවීමට අවශ්‍ය වන්නේ ඒ නිසයි .
මේ ජොබ් එක අනිවාර්යයෙන්ම ඔය 8 – 5 ජොබ් වලින් එකක් නෙවෙයි. ඒ සියල්ල වෙහෙස මහන්සි වී වැඩ කල යුතුයි . ඔබගේ කාර්යය සඳහ ගත වන කාලය එම වැඩ මත රඳා පවතින අතර ඔබ කරන සෑම දෙයකටම ඔබ ඉතා වගකිව යුතුය.
ඔබට ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් (ඔබ කලින් කී පරිදි නිසි රෙගුලාසි සහිතව) ආරම්භ කිරීමට ආරාධනා කරන කෙනෙකුට උදව් කිරීමට ඔබ කැමතිද?
ඔව්, මට හැකි සෑම විටම උදව් කිරීමට මම සූදානම්. ලංකාවේ ජල ක්‍රීඩා උපදේශනය රැකියාවක් විදියට කරන්න මම තවම හිතලා නැහැ. එතෙක් මට මගේ දැනුමින් සම්පූර්ණයෙන්ම නොමිලේ උදව් කරන්න පුළුවන් . විශේෂයෙන්ම කිමිදීම. මොකද ගොඩක් අයට කිමිදීම ගැන මූලික දැනුමක් නැහැ.
ජෙට් ස්කීං වලදී රියදුරුට හොඳ පාලනයක් තිබිය යුතුය. එම නිසා එම පුද්ගලයාට බොහෝ අත්දැකීම් තිබිය යුතුය, එසේ නොවුවහොත් ඔහුගේ සේවාදායකයා තමයි අමාරුවේ. කිමිදීමේදී වඩා හොඳ සහ ආරක්ෂිතව කරන්න විදිය මට පුහුණු කරන්න පුළුවන් .