සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

පෘථිවිය මේ තරම් අලංකාරව ඔබ​ දැක තිබෙනවා ද​?

පෘථිවි කක්ෂයේ තිබෙන​ පළමු අධි-විභේදන කැමරාව (first ultra-high resolution camera) මගින් හුස්ම මදකට නවත්වන්න පුළුවන් විදිහේ විශ්මයජනක ඡායාරූප පෙළක් අපගේ දීප්තිමත් නිල් පැහැ ග්‍රහලෝකය වෙන පෘථිවියේ ලබා ගෙන තිබෙනවා. අභ්‍යවකාශයේ කළු අගාධය පසුබිම් කරගෙන එය හරිම අපූර්වත්වයෙන් යුතුව දැකගන්නට ලැබෙනවා.

චීන පෞද්ගලික සමාගමක් විසින් අභ්‍යවකාශයට මුදා හරින ලද අංශක 360 ක කැමරාවකින් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතරම, ඔවුන් විසින් මෙකී ඡායාරූප ලබා ගැනීම හඳුන්වන්නේ තාරකා විද්‍යාවේ අනාගත ජයග්‍රහණයක් විදිහට​. ෂෙන්සෙන් හි කැමරා සමාගමක් වන Insta360 පවසන්නේ මෙම රූප රාමු මූලාරම්භය පමණක් බවත්, නුදුරේදීම තාරකා සහ ක්‍ෂීරපථයේ රූප රාමු ද​ ලබා ගැනීමට ඔවුහු සැලසුම් කරන බවත් ය​.

 

Tags