සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ලයනල් මෙසී අටවැනි වරටත් Ballon d’Or සම්මානය දිනා ගනී

ආර්ජන්ටිනා කණ්ඩායමෙහි හා Inter Miami හි ඉදිරිපෙළ ක්‍රීඩා කරන Lionel Messi අටවන වරටත් Men’s Ballon d’Or සම්මානය දිනා ගනු ලැබුවා. 36 හැවිරිදි වියෙහි පසුවන ඔහු පසුගිය වසරේ කටාර්හි පැවති ලෝක කුසලානය තම රට වෙනුවෙන් දිනා දීම සඳහා සිදු කල අනගි මෙහෙය පැරීසියේ පැවති මෙම උත්සවයේදී ඉමහත් පිළිගැනීමට ලක්වුණා. වයස අවුරුදු 21න් පහළ ලොව හොඳම ක්‍රීඩකයාට හිමි කෝපා කුසලානය (Kopa Trophy) දිනා ගැනීමට එංගලන්තය සහ Real Madrid ක්‍රීඩක ජූඩ් බෙලිංහැම් සමත්කම් දැක්වීමද විශේෂත්වයක්. 

ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩක Kylian Mbappe ආජන්ටිනාව හමුවේ දඬුවම් පහර 4-2ලෙස​ පරාජයට පත්වෙමින් ලෝක කුසලාන අවසන් ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ දෙවැනි පුද්ගලයා බවට පත්වෙනවා. මේ ලැයිස්තුවේ නම් ඔහුට හිමිවෙන්නේ තුන්වෙනි ස්ථානය​​. 

මේ මොහොත භුක්ති විඳින්න නැවත වරක් පැමිණීමට හැකිවීම සතුටක්. ලෝක කුසලානය දිනා ගැනීම තුලින් මගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකි වීමම විශාල ජයග්‍රහණයක්.” ඒ මෙසීගේ අදහසය​. 

හිටපු Barcelona තාරකාව තවදුරටත් සඳහන් කර සිටියේ “වෘත්තීය ජීවිතය වගේම මම අත්පත් කරගත් සියල්ල ගැන වෙලාවකට මට සිතාගන්නවත් බැහැ. ඉතිහාසයේ හොඳම කණ්ඩායමේ කොටසක් වීමට මට ලැබුණු එකම පුදුමාකාර වාසනාවක්. ඒ සියල්ල [Ballon d’Or Awards] විවිධ හේතු නිසා විශේෂ වෙනවා කියන්න පුළුවන්.” වශයෙනි.

මෙසී හොඳම ගෝලලාභියා වශයෙන් Gerd Muller කුසලානය සමඟින් ඔහුගේ ජයග්‍රහණ සඳහා පිළිගැනීමට ලක්වීම ද තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක්. Ballon d’Or සම්මානයෙන් පාත්‍ර වන්නා වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස පිළිගැනෙන අතර ලොව පුරා සිටින මාධ්‍යවේදීන් 100 දෙනෙකු විසින් ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරනු ලබනවා. 

ආර්ජන්ටිනාවට ලෝක කුසලාන කීර්තිය ලබා ගන්න මෙසී දායක වනවා වගේම Inter Miamiහිත් ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරපු ක්‍රීඩකයෙක් විදිහට ඔහුව හැඳින්වීමෙහි වරදක් ද​ නැහැ. ඔවුන්ගේ පළමු කුසලානය වන ලීග්ස් කුසලානය දිනා ගැනීම සඳහා Major ලීගය වෙනුවෙන් තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කර ගැනීමට ඔහු සමත් වෙනවා.

ඔහු මේ වන විට අනෙක් සියල්ලන්ට වඩා Ballon d’Or සම්මාන දිනාගෙන තිබෙනවා වගේම​ Cristiano Ronaldo ට වඩාත් සම්මාන​ තුනක් දිනාගෙන ඉන්න බව මතක් කරන්නම ඕන​. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Ballon d’Or සම්මානය​ පස් වතාවක් දිනා ගෙන තියෙනවා වගේම ඔහු එම සම්මානයෙන් පාත්‍ර වුණ ආසන්නතම අවුරුද්ද වෙන්නේ 2017.

Ballon d’Or හොඳම 10 දෙනා නම් වෙන්නේ පහත පරිදියි.

  1. Lionel Messi (Argentina and PSG/Inter Miami)
  2. Erling Haaland (Norway and Manchester City)
  3. Kylian Mbappe (France and PSG)
  4. Kevin De Bruyne (Belgium and Manchester City)
  5. Rodri (Spain and Manchester City)
  6. Vinicius Jr (Brazil and Real Madrid)
  7. Julian Alvarez (Argentina and Manchester City)
  8. Victor Osimhen (Nigeria and Napoli)
  9. Bernardo Silva (Portugal and Manchester City)
  10. Luka Modric (Croatia and Real Madrid)

 

Tags