සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ජීවත්වීම සඳහා සුදුසු තවත් ග්‍රහලෝකයක් සොයා ගැනෙයි

තාරකා විද්‍යාඥයන් විසින් ආලෝක වර්‍ෂ 40ක් පමණ ඈතින් පිහිටා ඇති පෘථිවියට සමානකම් දක්වන සහ එම ප්‍රමාණයට ඉතාම ආසන්න​ ග්‍රහලෝකයක් සොයාගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔවුන් විසින් එය මෙතෙක් සොයාගන්නා ලද පෘථිවියට සමාන සහ ජීවත්වීමට වඩාත් සුදුසු යැයි උපකල්පනය කර ඇති ග්‍රහලෝකය වන අතර එය නම් කර ඇත්තේ Gliese 12 b වශයෙන්.

එම ග්‍රහලෝකයේ වායුගෝලීය ස්වභාවය පිළිබඳව මෙතෙක් විද්‍යාඥයින් විසින් නිශ්චිත නිගමනයකට එළඹ නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ව ඇති ආකාරයට Gliese 12 bහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වනු ඇති බවට ගණනය කර තිබෙනවා.

 

Tags