සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම් 75ක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

“2023 වර්ෂයේ අද දවස වන විට වෙඩි තැබීම් 75ක් පමණ සිද්ධ වෙලා තියෙනවා. මෙයින් මිය ගිහිල්ලා තියෙනවා පුද්ගලයෝ 42ක්. ඒ වගේම තුවාල වෙලා තියෙනවා පුද්ගලයෝ 33 දෙනෙක්. මේ මෙම වර්ෂයේ අද දවස වන විට​. මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ඒ වගේම මේ වර්ෂයේ මුල් කාල සීමාවේ සිදුවෙච්ච, ඒ කියන්නේ පෙර වුණු සිදුවීම් වල වෙඩික්කරුවන් මීට ආධාර අනුබල දීපු පුද්ගලයො, ඒවා සඳහා යොදාගත්ත වාහන බොහෝ විමර්ශණ වලදී අපි මේ වන විට අත්අඩංගුවට​ අරගෙන තියෙනවා.”

“ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කරලා ඒ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මෑත කාලීනව වන සිදුවීම් වල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් තියෙනවා. ඒ සඳහා විශේෂ විමර්ශණ කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මකයි. උදාහරණයක් විදිහට හපුතලේ වුණු සිදුවීමේ මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් ප්‍රමාණවත් තොරතුරු තියෙනවා. ඒ ඔස්සේ නිලධාරීන් විමර්ශණ කටයුතු සිදු කරනවා.”

Tags