දේශීය පුවත්
මාලිමාවේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්ගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
වැලිගම උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
අද (16) අලුයම 4.40ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර පලාගොස් තිබෙනවා.
අදාළ මන්ත්‍රීවරයාට මරණ තර්ජන ඇති පවසා නිවසට පොලිස් ආරක්ෂාව ද ලබාගෙන තිබූ බවද පොලීසිය පවසනවා.
වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති අතර කිසිවෙකුට තුවාල සිදුව නොමැති බව වාර්තා වනවා.
වෙඩිකරුවන් වෙත පොලීසියෙන් වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ ඔවුන් පලා ගොස් ඇති බව පොලීසිය පැවසුවා.
