සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දුම්රිය වර්ජනය තවදුරටත්..

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා සඳහන් කර සිටින්නේ සිය ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් වර්ජනය ඉදිරියටත් ක්‍රියාත්මක​ කරන​ බවයි. කොළඹ පිහිටි ධාවනාගාර පහෙන් කනිෂ්ඨ රියදුරන් සිටිනුයේ ධාවනාගාර දෙකක පමණක් බවත් මෙම ධාවනාගාර දෙකෙහි වර්ජනය ක්‍රියාත්මක වන බවත් ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතරම ඊයේ දිනයේදී (12) දුම්රිය වහලය මතින් ඇද වැටී ජීවිතක්‍ෂයට පත්වූ තරුණයා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත රුපියල් ලක්‍ෂ 05ක මුදල් ප්‍රදානයක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.​ 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) පස්වරුවේ නිකුත් කරනු ලැබූ පසුබිමක ද දුම්රිය රියදුරන්ගේ සංගමයේ පාර්ශවයෙන් සඳහන් කර සිටින්නේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මඟින් තම වෘත්තීය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන බවය​.

මේ අතරම දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල යුධ හමුදා සාමාජිකයන් යොදවා ඇතැයිද සඳහන් වේ.

Tags