සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වසර 03ක් ඇතුළත අස්වැසුම නතර කිරීමට තීරණයක්.

වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා සඳහන් කර සිටින්නේ වසර 03ක කාලසීමාවක් ඇතුළත අස්වැසුම ලබාදීම නැවැත්වීමට කටයුතු කරන බවයි.  ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම පුද්ගලයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සැලැස්මක් සකස් කර ඇති බවත් ඔවුහු විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබේ.

අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම ද ක්‍රියාත්මකව පවතින බවයි.

Tags