විශේෂාංග
අලුත් අවුරුදු නිවාඩුවේ අමුතු වාසි ගැන අපි නොහිතන සිද්ධි – II
අලුත් අවුරුදු නිවාඩුවේ අමුතු වාසි ගැන අපි නොහිතන සිද්ධි – I හි ඉතිරි කොටස
ෂොපින් ෆියෙස්ටා
මේ කියන්නෙ ෆැෂන් ගැන නෙමෙයි ෂොපින් ගැන. අලුත් අවුරුද්දෙ මේ ෂොපින් සතුට වැඩිවෙන්නෙ ඇයි කියලා අපි පසුවට පැහැදිලි කරන්නම්. අලුත් අවුරුද්දෙ හොඳම ආතල් අතරින් සුවිශේෂම එකක් තමයි ෂොපින් කියන්නෙ. ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි. කෑම ජාති, බීම ජාති ඇතුළු නොයෙක් දේ අලුත් අවුරුද්දෙදි සේල් වෙනවා. ඒ ෂොපින් ආතල් එක සතුටක් දෙන්නෙ ගෑනු හිතකට විතරක් නෙමෙයි. ඒ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්දෙ ෂොපින් ආතල් එක අපි හැමෝටමයි. ජාත්‍යන්තර සේල් පොලවල් වගේම, සාමාන්‍ය කඩවලත් සේල් සීන් එකක් තියෙන නිසා බොහෝවෙලාවට එළියට බැස්සොත් අලුත් දෙයක් ලාබෙට අරගෙන ගෙදර එන්න පුළුවන්.
සරු අතමිට
සාමාන්‍යයෙන් අපි හැමෝම මේ දවස්වල තරමක් අමාරුවෙන් රෝල ගෙවන්නෙ. ඒත් අලුත් අවුරුදු කාලෙ වෙනුවෙන් අපි තරමක් සල්ලි හොයාගන්න හෝ අතේ තියාගන්න වෙනදාට වඩා උත්සාහයක් ගන්නවා. අන්න ඒ නිසා අලුත් අවුරුද්දෙ හොඳම දේ තමයි අනිත් කාලවලට වඩා සල්ලි අතේ ගැවසීම. සාමාන්‍යයෙන් ඔෆිස්වල අලුත් අවුරුද්දට බෝනස් එකකුත් ලැබෙනවා. ඒ නැතත් අලුත් අවුරුද්දට සැලරි ඇඩ්වාන්ස් එකක් ලැබෙනවා. ඒක තනි පඩියකින් ගන්න ලැබෙන මුදලක් නොවී, මාස් පතා ඉදිරි මාස වලින් පොලී රහිතව කැපෙන්න හැදිලා එන මුදලක් විදියටයි ලැබෙන්නෙ. එනිසා අලුත් අවුරුදු නිදහසේ වාසිය ලබාගන්න ඒ මුදල ලොකු හේතුවක්. කොයි දේ කරන්නත් සල්ලි නැතුව බැහැනෙ. ඉතිං සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගියත් ඒ ටිකම තමයි.
අලුත් අවුරුද්දේ පරණ වැඩ
අලුත් අවුරුද්දේ තියෙන අනෙක් වාසිය වෙන්නෙ නිවාඩුව දිග නිසා නොයෙක් විදියෙ සෙට්වීම් වැඩිවීමයි. මේ කියන්නෙ අලුත් අවුරුද්ද කියලා අපි විශේෂයෙන් නොකරන පරණ කාලෙත් කරපු වැඩ. අපි උඩදි කියපු හැමෝටම මේ නිවාඩු බලපෑමේ වාසිය නිසාම මේ කතාව හරිම ආශ්වාදජනක වෙනවා. උදාහරණෙකට වෙනිං නිවාඩු කාලෙක දවස් දෙකේ ට්‍රිප් එකක් ගියොත් නිවාඩුව ඉවරයි. එහෙම නැත්තං සමහර නිවාඩු කාල කොල්ලො සෙට් එක ඩ්‍රින්ක් එකක් දැම්මම ඉවරයි. හැබැයි අලුත් අවුරුදු නිවාඩුව එහෙම නෑ. ඔෆිස් එකෙන් එන්නෙම අන්තිම දවසෙ පාටියක් දාලා. ඊලඟට ට්‍රිප්, පාටි, නෑ ගමන් ඇතුළු නානාප්‍රකාර ආතල් රැසක් අලුත් අවුරුද්ද එක්ක බැඳෙනවා. මේ වාසිය වෙනිං කාලවල සෙට් වෙන්නෙ තනි තනි වශයෙන්
නිවාඩුවෙන් පස්සෙ
අලුත් අවුරුද්ද අනිත් හැම දේකටම වඩා හොඳම නිවාඩුව වෙන්නෙ මෙන්න මේ කාරණේ නිසායි. ඇයි දෙයියනේ නිවාඩුවෙන් පස්සෙත් ඔෆිස් රෂ් එකක් ලොකුවට නැහැනෙ. ඔෆිස් එකට යන්නෙම අලුත් ඇඳුම් ඇඳලා ආතල් පිට. ගිය ගමන් කට්ටිය සුබ පතාගන්නවයි ඕපාදූප කියෝනවයි එක විකාරයයි. ඊටපස්සෙ කෑම මේසෙ. ඊටත් පස්සෙ වෙසක් එකට කූඩු හදන්න සෙට් වෙනවා. ඉතිං මාසෙම නිවාඩු වගේ තමයි. ඒ ආතල් එක ලේසියෙන් ගන්න බැහැ. අනිත් එක ගොඩක් ඔෆිස්වල අලුත් අවුරුදු පාටිය තියෙන්නෙත් අලුත් අවුරුද්දෙන් පස්සෙ. ඉතිං වෙසක් ලබනකංම මේ ආතල් එක කන්ටිනියු වෙනවා.