සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

Apple සමාගම විසින් එළි දැක්වූ iPhone 15 සහ Watch Series 9

“Wonderlust” තේමාව යටතේ සැප්තැම්බර් මස​ 12 වන දින ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම අයිෆෝනය එළි දැක්වීමට සූදානමින් සිටින බවට අප විසින් පළ කරන ලද​ ලිපිය ඔබට මතක ඇති. එළි දැක්වීම් පිළිබඳව සකස් කල ලිපිය පළ කිරීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් පාඨක ඔබගෙන් සමාව ඉල්ලා සිටින අතරම බොහොමයක් දෙනා විසින් දැනටමත් iPhone 15 සහ​ Watch Series 9 පිළිබඳව දැනුවත් ඇතැයි සිතනවා. කොහොම නමුත් තාක්‍ෂණික කාරණා කිහිපයක් සහ ඒ ඒ උපාංගයන්ගේ මිල ගණන් පිළිබඳව මෙම ලිපිය හරහා යම් දැනුවත්භාවයක් ඔබට ලබා දීමයි අපගේ බලාපොරොත්තුව​. එහෙමනම් අපි මුලින්ම යොමුවෙමු Watch Series 9 වෙතට​..

Apple Watch series 9 පිළිබඳ හැඳින්වීමේදී සමාගම විසින් සඳහන් කරපු ඉතාම වැදගත් දෙයක් තමයි S9 SiP එක. එහි බිලියන 5.6ක ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයක් ඇතුලත් කරලා තිබෙනවා වගේම GPU Power (Graphics Processing Unit) එක වඩාත් වේගවත් කරලා තිබෙනවා. S9 SiP එකෙහි තිබෙන 4 core neural engine එක​ හරහා machine learning tasks දෙගුණයකින් වේගවත්ව තිබෙනවා.

ඇපල් වොච් සීරියස් එකේ සියල්ලන්ම අමන්දානන්දයට පත් කරපු feature එක තමයි Double Tap Gesture එක කියන්නේ. ඇමතුමකට සම්බන්ධ වෙන්න​, අදාළ ඇමතුම විසන්ධි කරන්න වගේම​ Music play & pause කරන්න සහ​ එලාම් snooze කරන්නත් Double Tap හරහා පුළුවන්කම තිබෙනවා. සරලවම කරන්න තිබෙන්නේ ඔබගේ මහපට ඇගිල්ල සහ දබර ඇගිල්ල දෙවරක් ස්පර්ශ කරන එක​​.

 

මෙවර එළිදක්වනු ලැබූ Watch Series Models සහ ඒවායේ මිල ගණන් පහත පරිදියි.

 iPhone 15 කුමන ආකාරයේ එළිදැක්වීමක් වේවිදැයි නොඉවසිල්ලෙන් බලා සිටි සියලු දෙනා වෙනුවෙන් සමාගම වැඩිදියුණු කිරීම් කිහිපයක්ම හඳුන්වා දී තිබුණා. Notifications සහ​ Live activities වලට අනුව ඒ ඒ ආකාරයෙන් expand වන Dynamic Island කියන්නේ එලෙස එක්කරන ලද feature එකක්. ඒ වගේම iPhone 15 වල ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 48 (48MP) ක් වශයෙනුයි එළි දැක්වෙන්නේ.

වේගවත් දත්ත හුවමාරුවක් සඳහා වගේම ඔබ සතු Mac book, iPad සහ​​ Airpod pro 2nd generation සඳහාත් භාවිත කල හැකි ලෙස මෙවර USB C කේබල් එක අයිෆෝන් 15 වලට හඳුන්වා දීල තිබෙනවා. පහතින් දැක්වෙන්නේ 15 වලට ඇතුලත් features සහ මාදිළිවල මිල ගණන්.

Apple iPhone එකක් සඳහා භාවිතා කරන ලද premium​ material එක වශයෙන් හඳුන්වන Titanium තමයි 15 Pro සහ​ 15 Pro Max ඛාණ්ඩයන් නිපදවන්න සමාගම විසින් භාවිතා කරලා තිබෙන්නේ. තමන්ගේ එදිනෙදා ටාස්ක් පහසු කරන්න සයිලන්ට් බට්න් එක ඇක්‍ෂන් බට්න් (Action Button) විදිහට වැඩිදියුණු කර තිබෙනවා වගේම 5x optical zoom telephoto cameraවකුත් 15 Pro හි ඇතුලත්. iPhone 15 Pro හරහා Spatial Video capture කරන්නත් හැකියාව ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම​ Products අලෙවි වන දින වකවාණු සහ මිල ගණන් නම් මේ වනවිට නිශ්චිතවම සඳහන් කිරීම අපහසුයි.

Tags