දේශීය පුවත්
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු විසින් පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධාන මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවයි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද (03) පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, අද දින සිට මෙම පනත අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමේ හැකියාව සියළු පුරවැසියන්ට හිමි වේ. ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න මහතා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව ඇතැයි වාර්තා වන අතරම, මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට අවශ්‍ය නම්; පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වීමෙන් පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට වන මෙන් තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි සඳහන් ය.