විශේෂාංග
සිම්සන්ස් කාටූන් එකක්ද? සාස්තරයක්ද?

සිම්සන්ස් නම් වූ බොහෝ දෙනෙක් දන්න කාටූන් කතාංග පෙළ ගැන පහු ගිය කාලෙ බොහෝ කතා බහ ඇති වුණා. එයට හේතුව වුණේ සිම්සන්ස් කතාවෙ විහිළු විදියට කියපු බොහෝ දේ පසු කාලයකදී ඇත්තක් බවට පත් වීම. බොහෝ දෙනා නොයෙක් දේ කිවුවා. අනාගත වාක්‍ය කියන නොස්ත්‍රදාමුස්ගෙ නෑදෑයො මේ කතාව ලියනවා වෙන්න පුළුවන් කියලත් සමහරු විශ්වාස කළා. සිම්සන්ස් පසු කාලෙක තහනමටත් ලක් වුණා. ඇමරිකාව වගේම ලෝකයේ සිද්ධි බොහෝමයක් අලලා සිම්සන්ස් කරපු දේවල් පසු කාලයෙදි ඇත්තක් වෙද්දි මේ ගැන කතා බහ තව වැඩි වුණා. ඇමරිකානු ජනතාව නියෝජනය කිරීමට වඩාත්ම සුදුසු පවුල විදියට සැලකෙන සිම්සන්ස් නමේ තේරුම තමයි සාමාන්‍ය මිනිසෙකුගේ පුත්‍රයා කියන එක. ඇමරිකාවේ දිවෙන දීර්ඝතම කතා මාලාව වෙන සිම්සන්ස් අනාගතය දැකපු හැටි ගැන සිලෝන් ජර්නල් අපි මේ සටහනෙන් කතා කරන්නට තීරණය කළා.
මේ අතර ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු සිද්ධි වගේම, නොයෙක් වූ අවස්ථා එලෙසින්ම රූපයෙන් දැක්වීමත් සිදු වී තිබුණු අතර, අප විසින් මෙම සටහනට තෝරාගන්නේ ඒ අතරින් ලෝකය පුරා ප්‍රචලිත වූ සිද්ධි කිහිපයක් පමණි.
ස්මාට්වොච්
Season 6, Episode 19
Lisa’s Wedding එපිසෝඩ් එක තරමක් අනාගත තාක්ෂණය ගැන ජෝක් තියෙන කතාංගයක්. ඒ අතරින් අනාගතය හරියටම කියවනවා එක්කෙනෙක්. පළමු ස්මාට්වොච් එක හදන්න දශක දෙකකටත් පෙරාතුව ඔවුන් හියුගෙ අතේ ස්මාට්වොච් එකක් බඳිනවා. මේ කාලයෙදි ඒ කතාංගයේ තිබුණු අටෝරාසියක් අනාගත වාක්‍ය එක්ක බොහෝ දෙනෙකුට එය මගහැරුනත් ආපසු හැරී බලද්දි නිවැරදිව අනාගතය ගැන අනාවැකියක් කියපු අවස්ථාවක් විදියට මේ මොහොත හඳුන්වන්න පුළුවන්. මේ පමණක් නොව ෆේස්ටයිම් තාක්ෂණය ගැන පවා සිම්සන්ස් කාටූනයෙන් කතාබහට ලක්වී ඇත.
ඇස් තුනේ මාළුවා
Season 2, Episode 4
බ්ලිංකි කියන්නෙ සිම්සන්ස් කතාවෙ ඇතැම් කතාංගවල වැදගත් චරිතයක්. ඒක තරමක් සිනහා යන සුළු කාරණයක් වුණත් බ්ලිංකි කියන්නෙ බර්න්ස්ගෙ න්‍යෂ්ඨික බලාගාරයේ අතුරු බලපෑම් නිසා පරිසරයට වෙච්ච හානියේ නිරූපණයක්. තොහොමහරි දැන් තරමක් කාලෙකට කලින් මේ කතාංගය විකාශනයෙන් බොහෝ කාලයකට පස්සෙ ආජන්ටිනාවේ ධීවරයෙකු විසින් බ්ලිංකි වගේම ඇස් තුනක මාළුවෙක් හොයාගන්නවා.
සුපර්බෝල් සහ ලේඩිගාගාගේ වැඩ
Season 23, Episode 22
ඇමරිකාව සාමාන්‍යයෙන් සුපර්බෝල් වෙනුවෙන් එක් කතාංගයක් වෙන් කරන එක සාමාන්‍ය දෙයක්. මොකද ඇමරිකාවේ සුපර්බෝල්වලට තියෙන විශාල රසික අවධානයක්. මේ එක් කතංගයක 2012දී ලේඩි ගාගා විසින් රසිකයින් ඉහළින් ඉගිල ගොස් ගී ගයන අවස්ථාවක් සහ ඇය පියානෝව වයන අවස්ථාවක් දැක්වුණා. මෙම සිදුවීම 2017 වසරේදී යථාර්තයක් බවට පත් වුණේ මේ සිදුවීම මෙයාකාරයෙන්ම සිදුවීමෙන් බොහෝ දෙනෙකුගේ අවධානය සිම්සන් අනාවැකි වෙත යොමු වුණා.
වෝල්ට් ඩිස්නි සහ ෆොක්ස් එකමුතුව
Season 10, Episode 5
1998 වසරේදී When You Wish Upon a Star කතාංගයේ එක් මොහොතක ඔවුන්ගේ ටෙලිවිෂන් නිර්මාණයක් වෙනුවෙන් 20th Century Fox සන්නාමය Walt Disney වෙතින් අයිතිය හිමි කරගත් බව පෙන්වනවා. කෙසේ හෝ ඉන් වසර 21කට පසුව 2019 වසරේදී ඩොලර් බිලියන 71ක එකමුතුවක් සමගින් වෝල්ට් ඩිස්නි සමාගම පවසා සිටින්නේ ඔවුන් 21th Century Fox සමග මුහු වීම වූ බවයි.
ජනපති ට්‍රම්ප්
Season 11, Episode 17
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙ ජනාධිපති වෙන්නත් කලින් ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්. කොහොම නමුත් ඔහු ලෝක බලවතා වූ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වේවි කියා කවුරුත් නොසිතන්න ඇති. 2000 වසරේ තිරගත වූ Bart to the Future කතාංගයේ බාට් සිම්සන් විසින් ඔහුගේ අනාගතය සිහිනෙන් දකින අතර එහි ජනාධිපති වී සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් වීම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්විය. කෙසේ හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති වීමෙන් අනතුරුව එම අනාවැකිය පමණක් නොව එම කතාංගයේ බොහෝ අවස්ථා සැබෑ ජීවිතයේ යථාර්තයක් වනු දකින්නට ලැබීම පුදුම එළවනසුළු විය.
ඔව් මේකත් එයාලා හිතලා
1993 වසරේදි Marge in Chains කතාංගයේදි ඔසාකා වෛරස් උන පැතිරයාම සිදු වෙනවා. මෙම උණ තත්ත්වයද පෙන්නුම් කරන්නේ Covid 19 ට සමානව රට තුළ ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. මේ කාලයේ සිද්ධ වුණු, අපේ ජීවිත වෙනස් කරපු මෙම වසංගත තත්ත්වයට සමාන තත්ත්වයක් ඔවුන් ඊට අවුරුදු 25කට කලින් හිතලා තිබීමත් එක්ක බොහෝ දෙනෙක් සිම්සන්ස් බලලා, ඊට අනුව අනාගතය කොහොම වෙයිද කියලා හිතන්නට පෙළඹිලා තියෙන බවත් අන්තර්ජාලයේ සිදු වෙන සාකච්ඡා අතරේ දකින්නට පුළුවන්.