සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

නවතම iPhone එළිදැක්වීමට ඔබ​ සූදානම් ද​? ‘Wonderlust’ Apple Event ​

තවත් සති කිහිපයකින් ඇපල් සමාගම විසින් නවතම iphoneය එළි දැක්වීමට නියමිතය​. ඉකුත් අඟහරුවාදා දින ඔවුන්ගේ මෙම විශේෂ එළිදැක්වීමට අදාළව නිවේදනයක් නිකුත් කරන ලද අතරම​, සැප්තැම්බර් 12 වන දින උදෑසන සහභාගී වීම සඳහා මාධ්‍ය ආරාධනා ද මේ වන විට​ යොමු කොට හමාරය​​. Apple Park හි, Steve Jobs රඟහලේදී ආරාධිතයින්ට පුද්ගලිකව සහභාගී වීමට හැකියාව ලැබෙන අතර ජනතාව සඳහා අන්තර්ජාතික වේලාවෙන් පෙරවරු 10ට අන්තර්ජාලය ඔස්සේ එක්වීමට හැකියාව ද​ සලස්වා දී ඇත​.

Apple එළිදැක්වීම් සඳහා යොමු කරන ආරාධනයන් තුල​ සෑම විටම සැඟවුණු අර්ථයන් නිරූපණය​​ කරනු ලබන අතර, මෙම වසරේ වර්ණ වෙනස්වීමක් පෙන්නුම් කර ඇති Apple ලාංඡනය සහ එහි තේමාව වන “Wonderlust” ඇපල් රසිකයන් වෙත යම් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර ඇත​.

සමාගම විසින් iPhone 15 සහ iPhone 15 Pro එළිදක්වනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් බොහෝ දෙනෙකු පසුවන අතරම මීළඟ පරම්පරාවේ දිගහැරුම වශයෙන් නව වර්ණ ඛාණ්ඩයන්, වඩා හොඳ බැටරි ක්‍රියාකාරිත්වයක්, වේගවත් ආරෝපණයන්ගේ වැඩිදියුණු කිරීම් (Fast charging improvements) සහ​ ඉතා දියුණු කැමරාකරණ හැකියාවන් අන්තර්ගත වේ යැයි යන බලාපොරොත්තු ද ඒ අතර වේ.

Apple Watch සහ Apple Watch Ultra හි නව පුනරාවර්තනයන් ද එළිදක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. “Wonderlust” කළ එළි බැසීමට නියමිතව ඇත්තේ Augmented Reality තුළ මීළග පරම්පරාව වශයෙන් අර්ථ දක්වන ලද Apple Vision Pro එළි දක්වා මාස තුනක පමණ කාලයකට පසුව වීමද තවත් එක් විශේෂත්වයකි.

 

Tags