දේශීය පුවත්
සබරගමුවෙත් විශේෂ පොලිස් මෙහෙයුමක්
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120 අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුර පොලිස් කොට්ඨාස මුලික කර ගනිමින් ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
මෙහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 7 දෙනෙක් හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් 900කට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇති බව වාර්තා වනවා.
