දේශීය පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව නැගී සිටි වැල්ලවීදිය ජනතාව.

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඉන්දියාවේ සිට බීඩි කොළ ආදිය රට තුළට රැගෙන එනු ලබන කණ්ඩායමට එරෙහිව නැගී සිටි මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් ගම්මානයේ ධීවර ජනතාවට පහරදීමක් සිදුව ඇතැයි ඔවුන් විසින් චෝදනා කර තිබේ.
ඊට අදාළ දර්ශණ ද සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබූ අතර ගම්වාසීන් විසින් මෙම පීඩාවන්ට එරෙහිව වැල්ලවීදිය දේවස්ථානය ඉදිරිපිටදී අද දින (10) උද්ඝෝෂණයක නිරත වීය. එහිදී ප්‍රදේශවාසියෙකු විසින් මාධ්‍ය වෙත දැක්වූ අදහස්:
“ගෙවල් වලට රාත්‍රී 07 ඉඳන් 10 වෙනකන් ගල් ගැහුවා. අපි පුළුවන් තරම් හෙව්වා ඒත් අපිට හම්බුණේ නැහැ, ඊට පස්සේ අපි පොලීසියට පැමිණිලි කළා. අපි ගහන ගෙවල් තුනක කට්ටියගේ නම් දුන්නා. එතකොට පොලීසිය ඇවිල්ලා එයාලව ගන්න ඕනනෙ එයාලගෙ ප්‍රශ්ණෙට. ඒත් ප්‍රශ්ණ කෙරුවේ නැහැ. නමුත් ඊට පහුවදා පොලීසියෙන් ආව, ඇවිල්ලා බල්ලො ගෙනල්ල අපේ ගෙවල් හය හතක් චෙක් කලා.”
මෙහිදී පොලීසිය පාර්ශවයෙන් ප්‍රදේශවාසීන් වෙත දැක්වූ අදහස්:
“කුඩුකාරයො අල්ලල තියෙනවා, හිරේ යවල තියෙනවා, පුනරුත්ථාපනේ දාලා තියෙනවා වගේ සෑහෙන දෙයක් කරලා තියෙනවා. අවුරුදු ගානක් නොවුණු දේවල් දැන් වෙමින් පවතිනවා. පොලීසිය 100% සුද්දයි කියලා මම කියන්නේ නැහැ. ටික ටික මේ තත්ත්වයන් වළක්වන්න වැඩ කටයුතු සිද්ධ කරගෙන යනවා දහසකුත් බාධා මැද්දෙ. ප්‍රධානම හතුරො ඉන්නෙ සමහරවිට පොලීසිය ඇතුලේ. ඒක මම පිළිගන්නවා. මේකට මම කැමතියි මොකද, කුඩු කාරයන්ට විරුද්ධව ජනතාව නැගී සිටිනවට මම කැමතියි.”