සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

නත්තල් මේසය රස ගන්වන්න හොඳම විදි

නත්තල් කෑම මේසය කියන්නෙ සතුට පිරුණු තැනක්. එහෙම තැනක් අපි හැමදාම හදන ආහාර ජාති වෙනුවට අලුත් කෑම ජාති එකතු කරගන්න උවමනායි. ඉතිං Ceylon Journal අපි අද කියන්න යන්නෙ මාංශ වර්ග තුනකින් රසම රස නත්තල් කෑම වර්ග තුනක් හදාගන්න පුළුවන් විදියක් ගැනයි. මේවයේ විශේෂයක් තියෙනවා. මේ කෑම රෙසිපි තුනම නත්තලට සුවිශේෂ වුණත්, අවුරුද්දේ ඕනෑම කාලයක හදාගෙන රසවිඳින්න පුළුවන් වගේම ගෙදර හැමෝම ආසා වෙන විදියෙ දෙයක් කියලා අපිට විශ්වාසයි. 

ඉතිං මේ වගේ කෑම ඔයාලත් අත්හදා බලලා අපේ ෆේස්බුක් පිටුවත් එක්ක විස්තර බෙදාහදාගන්න. ඒ වගේම ඔයාලා අත්හදාබලන අලුත් රෙසිපි වර්ග අපිට කියන්නත් අමතක කරන්න එපා. මේ කෑමවල නම් ඉංග්‍රීසියෙන් තිබුණට, මේ අපේ රටේ කට්ටියට රස හොඳට හුරු හදන්නත් ලේසි කෑම ජාති බවත් මතක් කරන්න උවමනායි. 

 

Roast chicken

අවශ්‍ය ද්‍රව්‍ය
BBQ sauce,
full chicken with skin 1.5kg,
ගම්මිරිස් කුඩු තේ හැඳි ½,
කරදමුංගු කුඩු තේ හැදි ¼,
මහදුරු කුඩු තේ හැඳි ½,
කුඩාවට කැපූ අර්තාපල් කෝප්ප 1,
කැරට් කෝප්ප 1,
බ්‍රොකලි කෝප්ප 1,
olive oil මේස හැඳි 2,
රතු ළූණු ගෙඩි 4,
සුදු ළූණු බික් 3,
දෙහි ගෙඩි බාගයක යුෂ, ලුණු

  

පිසගන්නා ආකාරය – පිරිසිදු කරගත් සම සහිත කුකුළා සම්පූර්ණයෙන් ම ආවරණය වන ආකාරයට ඒ වටා හොඳින් BBQ sauce තවරාගන්න. කුඩාවට කපාගත් රතු ළූණු, සුදු ළූණු සහ දෙහි යුෂත් මස් තුළට ඇතුළු කර හොඳින් තවරා, දෙහි පොත්ත මඳක් grate කර කුකුල් මස් මතුපිට ආලේප කරන්න. Toothpick භාවිතා කර මස්වල ඇති කුහරය වසා twine නූල්වලින් කකුල් එක් කර ගැටගසන්න. මෙය marinate වීම සඳහා පැයක් පමණ ශීතකරණයේ තියා ඒ අතරතුර එළවලු කපා සූදානම් කරගන්න. කපන ලද කැරට්, අල සහ බ්‍රොකලි baking pan එකකට දමා ඒ මතට olive oil, ලුනු, ගම්මිරිස් කුඩු සහ කරදමුංගු කුඩු ඉස හොඳින් මිශ්‍ර කරන්න. Pan එකේ මැදින් කුකුළා තබා කපාගත් එළවලු pan එක වටේට අසුරන්න. 230°C ට රත් කරගත් oven එකක විනාඩි 20ක් පමණ bake කරගෙන ඉවතට ගත් මස් සහ එළවලු මතට olive oil සහ මහදුරු කුඩු ඉසින්න. ඉන්පසුව 200°C ට උෂ්ණත්වය අඩු කර නැවතත් විනාඩි 20ක් පමණ bake කරගන්න. Oven එකෙන් ඉවතට ගෙන twine නූල් ඉවත්කර BBQ sauce සමඟ පිළිගන්වන්න.

 

Mutton korma biryani

අවශ්‍ය ද්‍රව්‍ය –
එළු මස් 750g,
බාස්මති සහල් කිලෝ ග්‍රෑම් 1කින් පිසින ලද බත්,
මී කිරි කෝප්ප 1,
අල 400-500 g,
ලොකු ළූණු 500g,
තක්කාලි 250g,
Garlic paste මේස හැඳි 2,
ginger paste මේස හැඳි 2,
කහ කුඩු තේ හැඳි ½,
මිරිස් කුඩු තේ හැඳි 1,
කොත්තමල්ලි කොළ ස්වල්පයක්,
අමු මිරිස් කරල් 4-5,
ලුණු,
දෙහි ගෙඩි බාගයක යුෂ,
පොල් තෙල්,
වතුර,
butter හෝ ghee,
ගරම් මසාලා 75g

  

පිසගන්නා ආකාරය– Pan එකක් රත් කර තෙල් ස්වල්පයක් දමා සිහින්ව ලියාගත් ලොකු ලූණු රන්වන් පැහැ වනතෙක් තෙම්පරාදු කරගෙන වෙනත් බඳුනකට ඉවත් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයේ කොටස්වලට කපාගත් mutton හොඳින් පිරිසිදු කර සෝදා ගන්න. Pan එකට ghee හෝ butter දමා රත්කර ඉඟුරු සහ සුදු ළූණු paste සමඟින් එළුමස් ටික හොඳින් තෙම්පරාදු කරගන්න. බැදගත් ලොකු ළූණුවලින් කොටසක්, මී කිරි සහ කුඩාවට කැපූ අර්තාපල් අල එයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ගරම් මසාලා සහ රස අනුව ලුණු සහ දෙහි එකතු කර හොඳින් මිශ්‍ර කරමින් මිනිත්තු 10ක් පමණ මඳ ගින්නේ පිසගන්න. එයට ජලය සහ අවශ්‍ය නම් තවත් ගරම් මසාලා ස්වල්පය බැගින් එකතු කර gravy ස්වල්පයක් ඉතිරිවන තෙක් හොඳින් පිසගෙන ලිප නිවා දමන්න. සියල්ලම මිශ්‍ර කළ හැකි ආකාරයේ විශාල බඳුනක් ගෙන එහි butter ආලේප කරන්න. පිළිවෙලින් බත්, mutton curry, තක්කාලි පෙති, කුඩාවට කැපූ අමු මිරිස්, සිහින්ව කැපූ කොත්තමල්ලි කොළ, නැවතත් බත්, mutton curry වශයෙන් layers කිහිපයක් අසුරන්න. ඉහළින්ම කහ කුඩු, මිරිස් කුඩු සහ බැදගත් ඉතිරි ළූණු දමා පියනකින් වසන්න. මෙය මඳ ගින්නේ මිනිත්තු 20ක් පමණ පිසෙන්නට ඉඩ හරින්න. පියන ඉවත් කර හොඳින් මිශ්‍ර කර කොත්තමල්ලි කොළ ස්වල්පයක් උඩින් ඉසින්න.

 

Sweet and spicy beef ribs bite

අවශ්‍ය ද්‍රව්‍ය –
beef ribs 1kg,
mirin කෝප්ප 1( ආදෙශක විදියට white wine, sherry හෝ rice vinegar ගන්න පුළුවන්),
sweet chilli garlic sauce කෝප්ප ½,
වතුර කෝප්ප ½,
දුඹුරු සීනි කෝප්ප ¼,
මී පැණි කෝප්ප ¼,
සිහින්ව ලියාගත් ඉඟුරු පෙති තේ හැඳි 1,
දෙහි යුෂ මේස හැඳි 1,
soy sauce මේස හැඳි 1

 

පිසගන්නා ආකාරය – 165°C ට oven එක preheat කරන්න. mirin, sweet chili garlic sauce, ජලය, සීනි, මී පැණි සහ ඉඟුරු සියල්ලම බඳුනකට දමා හැඳිගාමින් පිසගෙන එහි ඇති සීනි හොඳින් දිය වූ පසු  කුඩාවට කපාගත් beef කැබලි එයට එකතු කරන්න. ඉන්පසු ගින්දර වැඩිකර වතුර මඳක් හිඳෙනතෙක් හැදිගාමින් පිසගන්න. මේ මිශ්‍රනය baking pan එකකට දමා preheat කරගත් oven එකක පැය 1 ½- 2ක් පමණ bake කරගන්න. Pan එක ඉවතට ගෙන එහි ඇති දියරය මඳක් උකුවී sauce එකක් වනතෙක්  විනාඩි 10ක් පමණ නැවතත් පිසගන්න. එයට දෙහි යුෂ, soya sauce සහ මස් කැබලිද එකතු කර නැවත විනාඩි 2ක් පමණ පිසගන්න.

Tags