එදිනෙදා ජීවිතය
දරුවාට උපරිම පහසුකම් සමගින් වියදම අවම කරගත හැකි ක්‍රම
මේ කාලෙ රටේ පවතින තත්ත්වය එක්ක දෙමව්පියෙක් විදියට මුලින්ම හිතට වද දෙන ප්රශ්නය මොකද්ද? ඔබ හිතුවා හරි. තමුන්ගෙ දරුවාට සැප පහසු ජීවිතයක් ලඟ කරවන්නෙ කොහොමද කියන එක තමයි මේ වෙද්දි වැඩිපුරම හිතන්න ඕන දේ. සාමාන්‍යයෙන් අපි පිළිගන්න දෙයක් තමයි, හැකිතාක් සැප පහසුවෙන් තියන්නට අපහසු නම් දරුවෙක් මේ ලෝකයට බිහි කිරීම වැරැද්දක් කියන එක. නමුත් මේ කාලය හැමෝටම අපහසු කාලයක් නිසාම, කොයියම් තත්ත්වයකින් හෝ තමුන්ගේ දරුවන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරමින් මහන්සි වෙලා වැඩ කරන දෙමව්පියන්ට Ceylon Journal අපගේ මේ සටහන උදව්වක් වේවි.
මුලින්ම අපිට හිතන්න වෙන්නෙ අපි දරුවාගේ සැපපහසුව වෙනුවෙන් කළ යුතු කැපකිරීම් මොනවාද කියන එකයි. උදාහරණයකට අපි වැඩි මුදලක් උපයන්නට වැඩියෙන් මහන්සි වීම අනිවාර්යයි. ඒ වෙනුවෙන් කළ හැකි දේ ගැන අපි ඉදිරියේදී ඔබට සටහනකින් ගෙන එන්නම්. ඒ වගේම දරුවාගේ සැප පහසුව ඒ විදියටම තියාගෙන වියදම් අඩු විකල්ප සොයායෑමත් අපි සිදු කළ යුතුයි. මේ සටහන ඔබව ගෙන යන්නේ ඒ වෙනුවෙන් කළ හැකි නිර්දේශ කිහිපයක් අතරින්.
මීල් ප්රෙපින්
පෙර පාසල් හෝ පාසල් යන වයසේ දරුවෙක් කියන්නෙ වැඩීම වෙනුවෙන් ගුණදායී ආහාර අවශ්‍ය, කෑමට වැඩිය සෙල්ලමට හිත තියෙන, ගුණයට වඩා රසය ගැන හිතන කාලයක්. ඉතිං රසයත් තියාගෙන, ලාබයක් සහිතව, ගුණදායී ඉක්මන් කෑම සැකසීම වැදගත්. මේ නිසා දරුවා වෙනුවෙන් ශීතකරණය තුළ කල් තබා ගත හැකි ආහාර සකසා තබා ගැනීම ඉතාම වැදගත්. සාමාන්‍යයෙන් පාසලට යවන ආහාර හැකි ඉක්මනින් ලබා ගත හැකි ආහාර වෙන තරමට, දරුවා කෑම පෙට්ටියම හිස් කරලා ගෙදර අරගෙන එන්නට ඉඩ වැඩි නිසා ඔබේ නිර්මාණශීලී බව සහ මහන්සිය මේ වෙනුවෙන් වැදගත්. ඔබට ඒ වෙනුවෙන් නිවසේදීම සැකසිය හැකි බත්වලින් සාදන ලද රෝල්ස් වැනි වෙනස් ආහාර රෙසිපි කිහිපයක් අපි ඉදිරියේදී ඔබ වෙනුවෙන් අරගෙන එන්නම්. ඉතිං මේ මීල් ප්‍රෙප් වැඩේදී ඔබේ පහසුව සහ දරුවාට රසවත් ආහාරයක් දෙනවා වගේම, ඒ ආහාරය සමබල වීමත් වැදගත්. ඒ නිසා ඔබේ නිර්මාණශීලී අදහස් මේ වෙනුවෙන් ඉදිරියට ගෙන ඒම ඉතාම වැදගත්.
කල් පවතින සෙල්ලම් බඩු
දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ට වැඩිපුරම වියදම් වෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නෙ. ඒ තමයි සෙල්ලම් බඩු. බොහෝ අය සෙල්ලම් බඩු අනවශ්‍යයි කියලා අමතක කරලා දැම්මත්, දරුවන්ගේ වැඩීමට සහ මානසික සතුට වෙනුවෙන් සෙල්ලම් බඩු අතිශය වැදගත්. මේ වෙනුවෙන් කරන්න තියෙන දේ වෙන්නෙ දරුවාට වැඩි ප්‍රයෝජනයක් නැති, ඉක්මනින් කැඩෙන සෙල්ලම් බඩු වෙනුවට කල් පවතින, දරුවාට ශාරීරික ශක්තිය ජනනය කරන, දරුවාට මානසිකව උද්දීපනයක් ඇති කරන, දරුවා වැඩි කාලයක් ඒ හා සම්බන්ධ කරන තියෙන සෙල්ලම් බඩු රැගෙන දීමයි. උදාහරණයකට බයිසිකලයක්, කැරම් බෝඩ්, බැට්, ස්කූටර් වැනි යමක් දරුවාට මානසිකව සහ ශාරීරිකව උදව්වක් වෙන දේවල් විදියට දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මහ මග දකින්නට ලැබෙන ඉලෙක්ට්‍රික් කාර් හෝ පිස්තෝල වැනි සෙල්ලම් බඩුවලට වඩා ඒවායේ උපයෝගීතාවය ඉහළයි. ඒ නිසා ඔබ මිලදී ගන්නා සෙල්ලම් බඩුව ගැන පවා සැලකිලිමත් වීම වටිනවා. ඒ වැනි දේකට හුරු වීමෙන් ඔබට නිතර නිතර මුදල් වියදම් වෙනවා වෙනුවට තනි වියදමකින් කල් පවතින ආයෝජනයක් සිදු කළ බව වැටහේවි.
ආයෝජනය කළ හැකි තැන්
සාමාන්‍යයෙන් දරුවෙක් වෙනුවෙන් ගෙදර අරගෙන තබාගත්තාට පාඩුවක් නැති දේ අතර අධ්‍යාපන උපකරණ ඉහළින්ම සටහන් කළ හැකියි. දිනෙන් දින මිල ඉහළ යාම කියන කාරණය වගේම, දරුවාගේ අධ්‍යාපනයට බාධාවක් නොවී අවශ්‍ය මොහොතේ සැපයුම සිදු කරන්නටත් හැකි වීම නිසා මේ උපාංග පොත්, පෑන්, පැන්සල් සහ අනෙකුත් උපාංග නිවසේ අඩුක් කර තබාගැනීම වැදගත්. ඒ වගේම වර්තමානයේ දරුවන්ට වැඩිපුරම වියදමක් යන අංගයක් වන්නේ ප්‍රින්ට්අවුට් වීම නිසා, ඔබට හැකි නම් යම් ආයෝජනයක් සිදු කර ප්‍රින්ටරයක් තබා ගැනීමෙන් ඔබේ දෛනික වියදම්වලින් විශාල ඉතිරියක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.
වැඩීම ගැන අමතක කරන්න එපා
මේ සියල්ල අතරේ දරුවා ගැන ඔබේ හිතේ ආදරය ඇති වෙන බව අපි දන්න දෙයක්. එහෙම වුණත් කුඩා දරුවෙක් ඉතා ඉක්මනින් වැඩෙන බව නම් අමතක කරන්න එපා. ඒ නිසා පාසල් යන්න සපත්තු කුට්ටම් දෙකක් එකවර මිලදී ගැනීම ඔබට පාඩුවක් වෙන්නට පුළුවන්. ඇඳුම් මිලදී ගනිද්දී නොයෙක් වර්ණයෙන් ඇඳුම් විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම, ඇතැම් ඇඳුම් දරුවාට පැළඳීමටත් නොහැකිව ඉවතලන තැනට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් එක වර බොහොමයක් මිලට ගැනීමේ ක්‍රමවේදය සිදු නොකර සිටින තරමට ඔබට එය වාසිදායක වේවි.
මැජික් එකක් නොකළ යුතු දේවල්
සාමාන්‍යයෙන් එළියට ගියාම අදාල ගමනට වඩා නොයෙක් වී විසිතුරු ජාතිවලට වැඩි වියදමක් සිද්ධ වීම දෙමව්පියන්ගේ හිතට වදයක්. නමුත් දරුවාගේ සතුට නිසා මේ දේවල් අරගෙන නොදී නොසිටියත්, අපි මේ කියන්නෙ දරුවාට ඒ ඒ දේවල් මැජික් නොවන තාක්කල් දරුවා ඒ දේවල් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු නොකරන බවයි. උදාහරණයකට විසිතුරු කෑම වගේම නොයෙක් දේ, කුඩා මුදලක් වැය කර ඔබ නිවසේ ගෙනැවිත් තැබුවොත් දරුවාට එය මහ මගදී ඇසට ප්‍රිය උපදවන දසුනක් නොවෙන නිසා, ඔබට අනවශය වියදම් නොවන කාරණයක් වේවි.
විශේෂ ඉතුරුවක්
මේ කාලයේ දරුවා වෙනුවෙන් විශේෂ මුදල් ඉතුරුවක් කරන්නට හැකි නම් එය වඩා වැදගත් වේවි. එය හදිස්සි රෝගාතුර වීමකදී වගේම, අධ්‍යාපනික හෝ විනෝදාස්වාද වැනි වෙනත් අවශ්‍යතාවයකදී ඔබට නිතැතින්ම ප්‍රයෝජනවත් වේවි. ඒ එක්වරම මාස් පඩියෙන් විශාල කොටසක් කැපී යනවාට වඩා කලක සිට පොඩි ප්‍රමාණයකින් ඉතිරි කළ මුදලින් ඔබට ලැබෙන අමතර මානසික වාසිය නිසායි.