විශේෂාංග
මේ සීතල, ඒ සීතල සහ ඒ විසදුමේ මෙහේ තත්ත්වය

පහුගිය ටිකේ හරිම සීතලයි. හැමෝම එහේ සීතල සහ මෙහේ සීතල ගැන කතා කරනවා. ඒ අතරේ ආයෙත් මාස්ක් දැමීමේ අවශ්‍යතාවය ඇවිත්. ඒ සීතල එක්ක විසදුමක් නිසා. මුලින් මුලින් මේ අර කියන සීතල එක්කම අති වුණු ඝන මීදුමක් කියලා කට්ටිය හිතුවට මේ ඉන්දියාවෙන් අපට දායාද වුණු විස දුමක් විත්තිය කට්ටිය තේරුම් ගද්දි තරමක් පරක්කු වෙලා. ඉතිං මේ විසදුමට හේතුව මොකද්ද? මේක මේ සිද්ධ වුණු පළමු වතාවද? මෙහෙම විසදුමක් ආවම මොකද්ද කරන්න ඔ්න? මේ ඔක්කොම හෙණ ගෙඩි අපිට ම පාත්වෙන්නෙ ඇයි? මෙහෙම විසදුමක් ආපු වෙනිං අය කරලා තියෙන්නෙ මොනවද කියන දේ ගැන කතා කරන්නයි Ceylon Journal අපි මේ සටහනෙන් අරමුණු කරගන්නේ.
මේ සිද්ධියට අමතරව ඔයාලා දන්න තවත් දේවල් තියෙනවා නම් අපි සහ අපේ පාඨකයන් එක්ක ඒ දේවල් බෙදාගන්නත් අමතක කරන්න එපා.
ගිය අවුරුද්දෙත්
ගිය අවුරුද්දෙත් මේ ප්‍රශ්නය ඉන්දියාවට මේ විදියටම ආවා. දැන් දැන් මේ අවපැහැ අහස සුව වෙමින් තිබුණත් අපිට මේ ප්‍රශ්නය කිසිසේත්ම අමතක කරන්න බැහැ. ඒ නිසාම වැඩි ඈතකට නොගොස් අපි ගිය අවුරුද්දෙන් මේ කතාව පටන් ගමු. ක්‍රිකට් තරග අතුරතුර මේ ගැන අවධානය විදෙස් ජනමාධ්‍ය හරහා ලෝ පුරා ප්‍රචලිත වුණා. මේ කතාවට ගිය අවුරුද්දෙ දැඩි චෝදනාවක් දියත් වෙන්නෙ ගිණි කෙළිවලට. ඒ විදියට ගිනිකෙළිවල අවධානමක් මේ වෙනුවෙන් යොමු වීමත් එක්ක. ඒ නිසා ශ්‍රේෂඨාධිකරණයෙන් පරිසර හිතකාමී ගිනිකෙළි නිෂ්පාදනයට උපදෙස් දී තිබුණා. කොහොමවුණත් දීපවාලි කාලයේදි පරිසරයේ උග්‍ර දූෂණයක් සිද්ධ වෙන බව ඉන්දියාවෙන් දැනට තහවුරු කරගත් කරුණක්.
මේ ප්‍රශ්නය ඉන්දියාවට කොයිතරම් බරපතලයිද කියන දේ ගැන සරළ අදහසක් ලබාගන්නට අපි යම් දත්තයක් ඔබ වෙත ලබා දෙන්නම්. කොවිඩ් අවදානම නිසා මගට බැසීමට එරෙහිව නීති පනවා තිබූ 2020 කාලයේදී පවා වසර තුළ ඉන්දියානු වැසියන් පනස්දහසකට අධික පිරිසක් වාතයේ විසදුම නිසා මරණයට පත්ව තිබුණා.
මේ වගේම දීවාලි සමයට පිදුරු පිළිස්සීම, ගමන් බිමන් ඉහළ යෑම නිසා ප්‍රවාහනය මගින් සිදුවන වායු දූෂණය, වැනි ප්‍රශ්නත් මේ දේට හේතුවුණු බව කියනවා.
මොනාද මේ විෂ?
මේ විෂ ගැන සඳහන් වෙන මූලික සටහන්වල තියෙනවා කේතයක්. ඒ තමයි PM2.5 අංශු. මේ කියන්නෙ විෂ්කම්භය මයික්‍රෝණ 2.5ට වඩා අඩු දූවිලි අංශුවලින් හැදිච්ච වායු දූෂණ කාණ්ඩයක්. මේකෙ කුඩා බව තමයි මේකෙ තියෙන ලොකුම අවුල. මේ නිසා මේ අංශු පෙනහළුවලට ඇතුළු වෙනවා වගේම එතනින් ලේවලටත් මිශ්‍ර වෙන්න තරමට හැකියාවක් පවතිනවා.
අද කතාව
අද වෙද්දි කතාව තියෙන්නෙ මෙන්න මෙතන. ලංකාවට බලපාපු වායු දූෂණ මට්ටම කෙමෙන් කෙමෙන් මග හැරී යමින් තිබුණත්, ඉන්දියාවෙ ශීත කාලය උදා වෙත්ම වෙනදාට වඩා තුන් ගුණයකින් ඉහළ ගිය වායු දූෂණ මට්ටම ලංකාවටත් බලපාන එක තරමක් අමුතු ප්‍රශ්නයක්. මේ කියන විදියට අනාගතයේ දවසක මේ තුන් ගුණය හය ගුණයක් වුණොත් ඒකටත් මුහුණ දෙන්න අපිට සිදු වෙයිද කියන බය අපිට තියෙනවා. කොහොම නමුත් මේ වෙද්දි ඝන වායු මීටරයක තිබිය යුතු උපරිමය වන දූෂිත අංශු 50ක අගය මේ වෙද්දි පෙන්වන්නේ 400ක් විදියට. ඒ විදියට කිවුවම තත්ත්වයේ අවුල අපිට වැටහෙනවා. ඉන්දියාවට ආසන්න ශ්‍රී ලංකාවේ නගර වුණු මන්නාරම, වවුනියාව, යාපනයට අමතරව කොළඹ සහ කෑගල්ලටත් මෙම අර්බුදයට මුහුණ දෙන්න සිදු වුණා.
අපිට පසුගිය කාලයේ අත්දකින්නට ලැබුණු සීතල ඉන්දියානු සුළි කුණාටු නිසා ලංකාව දෙසට ආ සීතලක් බව කිහිප වතාවක පවසනු ලැබුවා. ඒ අනුව මේ දූවිලි අංශුත් ඒ ලෙසින්ම අප වෙත ලැබී ඇති බව අපට නිගමනයකට ආ හැකියි.
සාමාන්‍යයෙන් මේ වෙනුවෙන් තිබිය යුතු අගයන්වලට වඩා දූෂණ අගය ඉහළ නිසා, වයසින් වැඩි පුද්ගයන්ට, අධි සංවේදී පුද්ගලයන්ට, දුම් බොන පුද්ගලයන්ට මෙහි ඉහළ බලපෑමක් ඇති බව පැවසේ.
මේකෙන් පරිස්සං වෙන්න අපිට කරන්න ඉතුරු වෙන්න අත්‍යවශ්‍ය කටයුත්තකදී මිස මහමගට නොබැසීමත්, මහමගට බසින සෑම අවස්ථාවකම මුහුණු ආවරණයක් පැළඳීමත් තමයි.
ලෝකයේ වායු දූෂිතම නගර 10න් 9ක් ම පවතින ඉන්දියාව 2024 වසර වන විට මෙම දූෂිත තත්ත්වය 20% – 30%ක් පාලනය කිරීම වෙනුවෙන් පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.
කොහොමහරි ඉතිං කියන්න උවමනා වුණේ පරිසස්මෙන් ඉන්න කියලා තමයි. මොකද තත්ත්වේ භයානකයි.