සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ඇමරිකාවෙ Science වලින් PhD එකක්, Masters එකක් කරමු ද? – part 02

😁 රායිට් ළමයි. අපි අද කතා කරමු මොනව ද visa apply කරන්න ඕනෙ documents කියලා…

01. Offer letter ඔයාව ඇමරිකාවෙ හරි තවුතිසාවෙ හරි මොකක් හරි විශ්වවිද්යාලයක මොකක් හරි පාඨමාලාවකට තෝරගත්තා කියන්න ඔයාට ලැබෙන පළවෙනි ලියකියවිල්ල තමා ඔයාගෙ Offer Letter එක. මේක ආකාර කිහිපයකට ලැබෙන්න පුළුවන්. ඔයා පාඨමාලාවට ඕනෙ සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරලා නැත්තං (උදා: IELTS කරලා නැත්තං) ඒවා සම්පූර්ණ කරලා දෙන පොරොන්දුව/ condition එක මත ඔයාට Conditional Offer එකක් ලැබෙන්න පුළුවන්. ඔයා සුදුසුකම් ඔක්කොම සම්පූර්ණ කරලා, ඒත් ඔයාගෙ Official transcript විශ්වවිද්යාලයට ලැබිලා නැත්තං, ඔයාට Provisional Offer එකක් ලැබෙන්න පුළුවන්. කලින් කියපු ඔක්කොම සම්පූර්ණයි නම්, ඔයාට Full Offer letter එකක් එන්න පුළුවන් (full offer එකක් ආපු එකෙක් මට තවම මුණ ගැසී නැත 😅).

02. Scholarship Letter ඔයාට full හරි part හරි scholarship එකක් හම්බෙනවනං, ඔයාට මෙව්වයින් එකක් එන්න ඕනෙ. සමහර අයට scholarship එකක් හම්බවෙනවනං ඒක Offer letter එකේම දාලා එන වෙලාවලුත් තියෙනො.

03. Form I-20 or DS-2019 ඇමරිකාවට post graduate ඉගෙනගන්න එන අය වෙනුවෙන් වීසා වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමා F1 student visa. දෙක J-1 exchange visa. ඔය දෙකම අයිති වෙන්නෙ Non-immigrant visa වලට. ඔයා F-1 එනවනං (full time ඉගෙනගන්න එනවනං F1 එන්ඩෝනෙ), ඔයාගෙ University එකෙන් ඔයාට එවන්න ඕනෙ Form I-20 කියන Document එක. ඒකෙ ඔයාගෙ නම, පාඨමාලාව, පාඨමාලාව පටන් ගන්න සහ ඉවරවෙන දවස් බ්ලා බ්ලා බ්ලා විස්තර ගොඩක් තියෙනො. මේකෙ තව සඳහන් වෙලා තියෙනවා ඔයාගෙ Sevis ID number එක. (Visa apply කරනකොට Sevis payment කියලා එකක් ගෙවන්න තියෙ. ඒක කරන්නෙ මේ reference number එකට). ඔයා ඇමරිකාවෙ student කෙනෙක් විදියට ඉන්න තාක් කල්, ඔයාගෙ I-20 එක් තමා ඔයාගෙ legal document එක ඔයා ශිෂ්යයෙක් කියලා ඔප්පුකරන්න. ඔයා එන්නෙ කෙටි කාලීන පාඨමාලාවකටනං එන්නෙ, ඔයාට J-1 category එකෙන් එන්න පුළුවන්. එහෙම එනකොට ඔයාට I-20 එකක් වෙනුවට හම්බවෙන්නෙ DS-2019 කියලා document එකක්. ඇත්තම කිව්වොත් මේක ගැන පරි ඇටයක්වත් මං දන්නෙ නෑ. ඔයා J-1 එන්න ඉන්නෝනං ඒ ගැන දන්න කෙනෙක් ගෙන් අහන්න වෙනෝ. 😁

04. Sevis payment receipt ඔයාගෙ I-20 එකේ තියෙනවා ඔයාට assign කරපු Sevis number එක. SEVIS කියන්නෙ Student and Exchange Visitor Information System (SEVIS). මේක US Department of Homeland Security එකෙන් පවත්වගෙන යන Web-based information system එකක් students ලගෙ තොරතුරු maintain කරන්න. ඒ නිසා මෙහෙට ඉගෙනගන්න එන හැමෝම මේ system එකේ maintenance fee එක ගෙවන්න ඕනෙ. ඒක තමා SEVIS I-901 Payment එක කියන්නෙ. මම එන දවස්වල මේක USD 350ක්. නීතිය තමා ඔයා ඔයාගෙ Visa interview එකට දවස් 03කටවත් කලින් මේ payment එක කරලා තියෙන්න ඕනෙ කියන එක. (ඒක ගෙවන්න පුළුවන් https://www.fmjfee.com/i901fee/index.html කියන site එකෙන්). Visa interview එකට යනකොට SEVIS payment receipt එක ගෙනයෑම අනිවාර්යයි. I repeat , අනිවාර්යයි.

05. Visa interview payment receipt මගේ මතකය හරිනං, මේකෙ ගාණ එක අයදුම්කරුවෙක්ට එක iterview එකකට USD 60යි. ඒක ඔයාට ගෙවන්න පුළුවන් DFCC බැංකුවෙන්. ඔයා payment එක කරන දවසට පහුවදා දවල් 1.00ට පස්සෙ ඔයාට පුළුවන් interview දවසක් වෙලාවක් schedule කරගන්න. ඒවගේම තමා ඔයා visa interview එකට යන්කොට මේ payment receipt එකත් අරං යන් එක අනිවාර්යයි.

ඔය documents 05 තමා ඔයා අරං යන්න ම ඕනෙ ඒවා. හැබැයි මේටික අරං ගියා කියලා ඔයාට වීසා දෙනවද? නෑ…. ඔයාට සිද්ධවෙනවා ඔයාගෙ දේවල් 03 ක් ප්රධාන වශයෙන් ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි අරං යන්න. ඒ තමයි ඔයාගෙ Academic intention, Financial capabilities සහ Home ties. මෙව්වා ගැන පස්සෙ කියන්නං. Type කරන්න අමාරුයි. උඹලා හිනා වෙන්නැත්තං වීඩියෝ එකක් දාන්නං 😅 PS. මේක එන්න ඉන්න කෙනෙක්ට guide එකක් පමණි. ☝️☝️ ගත යුත්තක් ඇත්තෝ ගනිත්වා.

Anushka Jayasinghe

Tags