දේශීය පුවත්
විදෙස්ගත ශ්‍රමිකයින්ට මුවාවී බිලියන 1.2ක විදුලි මෝටර් රථ ගෙන්වා ඇති බවට අනාවරණයක්.

විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා තීරුබදු රහිතව ආනයනය කල හැකි විදුලි මෝටර් රථ බලපත්‍ර වලට අදාළව බිලියන 1.2ක් පමණ වටිනා වාහන ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ඇතැයි අනාවරණය වී තිබේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස්.
“මේ රජය ලබා දුන්නා විදේශ රැකියා කරන අයට විදුලි වාහන ගෙන්වන්න බලපත්‍රයක්. ඒක අවභාවිතා කරලා විශාල විදුලි වාහන ප්‍රමාණයක් ගෙනල්ලා දැන් වෙළඳපලේ විකුණන්න දාල තිබෙනවයි කියනවා. වාහන 07ක් අහුවුණා කිව්වා, 70ක් ගෙනාවා කිව්වා. මෙතැන වැරදි කිහිපයක් තියෙනවා. එකක් පිටරට ඉඳලා වැඩ කරන අයගේ remittance’s උනන්දු කිරීම සඳහා රජය ගත්ත ක්‍රියාමාර්ගය අවභාවිතා කරලා වාහන බිස්නස් එකක් යනවා. ඒ අය මේ පර්මිට් විකුණන එකෙනුත් ගානක් හොයනවා. අන්තිමට IRD එකට ඒ ලාභය ලැබෙන්නෙත් නැති වන ආකාරයේ වරදවල් ගණනාවක් මෙතන සිද්ධ වෙනවා.”
කාරක සභාවේදී මේ සම්බන්ධව අදාළ නිලධාරීන් ඉදිරිපත් කරන ලද කරුණු අනුව; ඔවුන් විසින් විදුලි වාහන ආනයනය පිළිබඳව විශ්ලේෂණය කර ඇති අතරම, මේ වන විට වාහන 119ක් ගෙන්වා ඇති බවත් ඒවා සියල්ල අධි සුඛෝපභෝගී ගණයට අයත් වන බවත් සඳහන් කර තිබේ. Mercedes, BMW, Volkswagen මෙන්ම Porsche වැනි මාදිලියන්ගේ රථ ගෙන්වා ඇතැයි සඳහන් වන අතරම අදාළ වාහන 119න් 75ක්ම ගෙන්වා ඇත්තේ එක් විශේෂිත සමාගමකිනි.
හුදෙක්ම සමස්ත ආනයන ක්‍රමවේදය තුල ඇති හිඩැස් භාවිත කරමින් සිදු කර තිබෙන මේ අනීතික ක්රියාවලියට අදාළව නෛතික ක්‍රියාමාර්ග ගනු ලබන්නේ කවදා ද?