සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කෙරේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර​ උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2024 ජනවාරි 04 වනදා සිට එම මස 31 වනදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර තිබේ. විභාගය සඳහා මෙතෙක් අයදුම්පත් යොමු කිරීමට අපොහොසත් වූ අයදුම්කරුවන් හට ඔක්තෝම්බර් මස 06 වනදා සිට 10 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි ද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.​

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්:

Tags