සොයන්න
උණුසුම් පුවත්

Movie Review

ඔළුව රිලැක්ස් වෙන්න නරඹන්න පුළුවන් චිත්‍රපට 7ක්

මේ කාලය ගෙවෙන්නෙ තරමක් අර්බුදකාරී විදියට. ඒ අර්බුදය අපේ ශරීරයට වගේම මනසටත් වදදෙන්න අරගෙන. එයින් යම් නිදහසක් ලබන්නට හැකි ක්‍රමයක් ගැනයි මේ සටහන ලියන්නෙ. ඒ තමයි චිත්‍රපට. සාමාන්‍යයෙන් චිත්‍රපට කියන්නෙ බොහෝදෙනෙකුට විනෝදයක් ගෙන දෙන දෙයක් වුණත්, හැම චිත්‍රපටයක්ම විනෝදය ගෙනදෙන්නේ නම් නෑ. මොකද සමහර චිත්‍රපට මනසට තරමක් කැළඹීමක් ඇතුළු කරන අවස්ථාත් නැතුව නොවෙයි. අන්න ඒ නිසා මේ කාලයේ තරමක් පහසුවෙන් සරල රසවින්දනයක් සහිතව නරඹන්නට මේ අපි ඔබට නිර්දේශ කරන චිත්‍රපට 7ට හැකියාව තිබෙනවා.

 

Car Wash (1976)

සාමාන්‍යයෙන් නිදහසේ බලන්න පුළුවන් හොඳම චිත්‍රපට අතරින් 1976 වසරේ නිකුත් වුණු Car Wash චිත්‍රපටය හරිම සාධනීය කලා නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. හාස්‍ය පිරුණු මෙම චිත්‍රපටය තුළ අතරින් පතර අතිශය වර්ණවත් චරිත එහා මෙහා යනු දැකිය හැකි වනු ඇත. සාමාන්‍යයෙන් තීරණය කරන්නට අපහසු ආකාරයේ අවසානයක් චිත්‍රපටයට ගෙනෙන්නට අධ්‍යක්ෂක මයිකල් ෂල්ට්ස් සමත් වී තිබීම මෙවැනි වූ සරළ චිත්‍රපටයකට කදිමයි. මෙම සරළ තනි චිත්‍රපටය එක් ස්ථානයක් ප්‍රමුඛ කර රූගත කර ඇති අතර, එහි සරළ ගලා යෑම නිසාම බොහෝ පුද්ගලයින් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වී ඇත.

Amélie (2001)

ජීවිතේ සරළ ආශාවන් විඳීම ගැන වගේම ඔබ අවට සමාජයට සහ ඔබට හොඳින් සැළකීම ගැන වූ සරළ පණිවුඩයක් සමගින් 2001 වසරේ නිකුත් වුණු Amélie ගලා යයි. කෝපි අවන්හලක සරළ සාමාන්‍ය දිවියක් ගෙවූ තරුණියක් ඇයට සුපුරුදු සුවපහසු දිවියෙන් තරමක් පිටතට පය තැබීමට සූදානම් වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි වූ තත්ත්වයකදී කතාවක් තරමක් සංකීර්ණ වුවත් මෙම තරුණිය තමන්ට නුපුරුදු ජීවිතය අතිශය සන්තෝශයෙන් ගෙවන අයුරු මෙම චිත්‍රපටයේ පෙන්වනවා. ආදරය සහ සෙනෙහස වපුරමින් පැරීසිය පුරා සරන සුන්දර තරුණියකගේ කතාව මේ අයුරින් ගෙතෙයි.


Chef (2014)

චිත්‍රපටයේ නමේම තියෙනවානෙ මේ චිත්‍රපටය ගලා යන්නෙ කුමක් වටාද කියන එක. Chef කෙනෙක් ගැන නිර්මාණය වුණු මේ කතාව ඇසට ඉතාමත් ප්‍රියජනක මෙන්ම මුව තෙත් කරවන සුළු ආහාර පාන රැසක දර්ශන සමගින් ගලා යනවා. ආහාර කලාව සහ පිය සෙනෙහස ගැන කතාවක් මේ අයුරින් රසවත්ව නිර්මාණය වී ඇති අතර කදිම සුවපහසුවක් දැනෙන මනරම් ජීවිත අත්දැකීමක් ලෙසින් මෙම චිත්‍රපටය හැඳින්විය හැකියි. මේ අපි මෙම චිත්‍රපට ගොනු කරන වඩා නිදහස් මනසකට නරඹන්නට කදිම චිත්‍රපටයක් බව අවිවාදයෙන් විචාරකයින් පිළිගන්නා කරුණකි.

 

Happy-Go-Lucky (2008)

2008 වසරේ නිකුත් වුණු Happy-Go-Lucky කියන්නෙ නම වගේම අතිශය නිදහස් සහ සතුට දනවන චිත්‍රපටයක්. මයික් ලී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් වඩාත් ම මනස සතුටු කරවන සුළු චිත්‍රපටයක් ලෙසින් Happy-Go-Lucky දැක්විය හැකි අතර කිසිවකුගේ අනිසි බලපෑමකින් යටපත් නොවන, ධෛර්‍යයක් තමන් තුළ වඩවා ගන්නේ කෙසේද යන්න කදිමට අවබෝධ කරගැනීමට මෙම චරිතයේ ප්‍රධාන චරිතය දෙසට අවධානය යොමු කිරීමෙන් හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක දැකිය හැකි වෙනවාට වඩා වැඩි සහ වෙනස් ආකාරයේ ආකාරයේ සුඛාන්තයක් අත්විඳිය හැකි මෙම චිත්‍රපටය මනසට කදිම විවේකයක් ලබා දෙනු ඇත.

 

Hopscotch (1980)

මේ තරං කූල් විදියට රහස් ඔත්තු බලන අය ගැන කතාවක් කියන්න පුළුවන්ද? Hopscotch බැලුවාම ඒ සිතුවිල්ල නවත්තාගන්න බෑ. අවුරුදු 40කටත් වඩා පැරණි මේ චිත්‍රපටය තාමත් වර්තමාන පරම්පරාවට කදිම දැනෙන කතාවක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ඉක්මනින් විශ්‍රාම ගැන්වූ රජයේ රහස් ඔත්තු බලන්නෙත් රජයේ රහස් සොයාගත නොහැකි ලෙසින් සැඟවූ තමන්ගේ දිවිසැරිය ලියා තබනවා. සාමාන්‍ය රහස් ඔත්තු බලන්නෙකුගේ කතාවකින් මෙය විතැන්වන්නේ එතැන් සිටයි.

 

Magic Mike XXL (2015)

Channing Tatum රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය තරුණයින් පිරිසක් ජීවිතය විඳින අයුරු කදිමට පෙන්වයි. අතිශය නිවහල් හැඟීමක් දැනෙන මෙම චිත්‍රපටය තුළ මුල් අවස්ථාවේදී තරමක අවිනිශ්චිත බවක් ගැබ් වුණත් මෙම මාවතේ චිත්‍රපටය හිතට කදිම සුවයක් දනවනු ඇත. ඔවුන්ගේ ගමන පිළිබඳ කතාවක් ලෙසින් මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යයි. ඔවුන්ගේ මුල් වෘත්තිය තරමක් මේ කතාවට වෙනස් තේමාවක් එක් කළත් මෙම කතාව අතිශය සුහද හැඟීමක් ඔබේ හිතට දනවනු ඇත.

 

Paddington (2014) සහ Paddington 2 (2017)

මෙම Paddington ඇනිමේෂන් චිත්‍රපට ද්විත්වය සත්තු ගැන කතාවක්. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන ඇනිමේෂන් සත්තුන්ගේ කතන්දරවලින් මෙය වෙනස් වන්නේම, මෙය මුළ සිට අග දක්වාම හිතට දක්වන නිදහස් බවයි. අපගේ චිත්‍රපට තෝරාගැනීමේ තේමාව වූ “හිත නිදහසේ බලන්න පුළුවන් ෆිල්ම්” කාණ්ඩයට මෙම චිත්‍රපට ද්විත්වය අනිවාර්යෙන්ම එක් විය යුතුය. හදට දැනෙන කදිම චිත්‍රපට දෙකක් ලෙසින් මෙම නිර්මාණ දෙකම හැඳින්විය හැකි අතර සිහිනයක් ලෙසින් දිගින් දිගටම බලා සිටිය හැකි කදිම චිත්‍රපට ද්විත්වයකි. මුවගට සිනහවක් ගෙනෙන කදිම සිදුවීම් රැසක් රැගත් මෙම චිත්‍රපටය අපගේ සටහනේ අවසන් චිත්‍රපටයයි.

 

ඔබත් දන්නා මෙවැනි වූ හිතට නිදහසක් දැනෙන චිත්‍රපට අපත් සමග බෙදාගන්නත් අමතක කරන්න එපා!

 

 

Tags