එදිනෙදා ජීවිතය
ඇඳුම් පැළඳුම් සහ thrifting ගැන ඔබ දන්නේ මොනවාද?

පහුගිය කාලෙ චන්ද අපේක්ෂිකාවකගේ පරණ කතාවක් එක්ක thrifting ගැන ලොකු කතාබහක් සමාජයේ ඇති වුණා. ඒ නිසාම අපි මේ සටහන ලියන්න හැදුවේ thrifting කියන්නේ දියුණු සමාජයේ තිබිය යුතු දෙයක් විදියට අපි විශ්වාස කරන නිසා. දැනටත් නොයෙක් සමාජ මාධ්‍ය කණ්ඩායම් අතරේ thrifting වැඩේ සිද්ධ වුණත්, අවශ්‍ය තරමට මේ දේ ජනගත වෙලා නෑ කියන අදහස නිසාම අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට හිතුවා. ඒ වගේම මේ දේ අපි මීට කලින් ලියපු මිනිමලිසම් කියන කාරණයටත් අදාළයි.
ලංකාව ඇතුළෙ thrifting ගැන කතා වෙන කතිකාවත් අතරට අපේ සටහන එකතු කරන්නත් අමතක කරන්න එපා.
Thrifting කියන්නෙ මොකද්ද?
මිනිමලිසම් අගය කරන මිනිස්සු සාපේක්ෂව අඩු අවශ්‍යතා සහිතව ජීවත් වීම කියන දේ මුළික කළත් ඒ දේ නිසා ඔවුන්ට මූල්‍යමය වාසියකුත් ලැබෙනවා. ඒ වගේ රාමුවක් තුළට කොටු නොවූ ජීවිත ගත කරන්න ප්‍රිය කරන අතර reuse/ recycle කියන සංකල්පවලට ඔවුන් ඉහළ වටිනාකමක් ලබාදෙනවා. විලාසිතාවලට වගේම පරිසරය ගැනත් හිතන පතන ඔබට, මිල අධික brands වල විලාසිතා සහිත ප්‍රදර්ශනාගාර වලින් ලබා ගත නොහැකි සුන්දර ඇඳුම් පැළඳුම් flea markets වලින් සොයාගැනීමට වැඩි ඉඩකඩක් තියෙනවා. මේ වෙනකොට ලංකාවේ බොහෝ නගරවල පාවිච්චි කළ ඇඳුම් ආයිත්තම් විකිණීමට ඇති වෙළඳසැල් දක්නට ලැබෙන අතර හොඳින් පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ vintage pieces මෙවැනි ස්ථානවලින් සොයාගන්න හැකියාව තියෙනවා.
Thrifting කරන්න හේතු!
ප්‍රධාන වශයෙන් ඇඳුම් පැළඳුම් thrifting කරන්න හේතු කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධාන වෙන්නෙ මුදල් ඉතිරිය. වැඩි මුදලක් වෙන් කරනවාට වඩා පරණ නොවූ එහෙත් භාවිතා කළ ඇඳුම් වෙනුවෙන් අඩු මුදලක් වෙන් කිරීමේ හැකියාව මේ නිසා ඔබට ලැබෙනවා. ඊළඟ හේතුව වෙන්නේ විලාසිතා මාරු කිරීමේ පහසුව. සාමාන්‍යයෙන් වෙනස් වෙනස් ආකාරයේ විලාසිතාවල ඇඳුම් අරගන්නට ඔබට කෙටි කාල පරාසයක නොහැකි වුවත් thrifting නිසා ඔබේ තියෙන ඇඳුම් ලබා දී අලුත් විලාසිතාවකට මාරු වීමේ හැකියාව ලැබෙනවා. අනෙක ප්‍රධානම කාරණය වන්නේ මිනිමලිසම්වලදී වැඩි අවධානයක් යොමු වන අවම ඉඩකඩ ප්‍රශ්නයටත් මෙයින් විසඳුමක් ලැබීමයි.
Thrifting කරන්නේ කවුද?
Thrifting කියන සංකල්පය බොහිමියානු සංස්කෘතියත් එක්ක තරමක් තදින් බද්ධ වීම නිසාම බොහෝ දෙනෙක් මේක හිපී හෝ දුගී සමාජ මට්ටමකට ඇදලා දාන්න උත්සාහ කරනවා. ඒ වුණත් thrifting සංකල්පය ඉහළ පැලැන්තියේ සමාජයටත් එකසේ යෝග්‍ය, ධනවතෙකුට පවා පහසුවෙන් අත්දැකිය හැකි ජීවන රටාවක් බව මේ ගැන කියවූ පසු ඔබට වැටහේවි.
Thrifting කරනවා නම්
Thrifting කියන කාරණය ඇඳුම් සම්බන්ධයෙන් සිද්ධ වෙද්දි අපි බොහෝදෙනෙක් සනීපාරක්ෂාව ගැන සහ ඇඳුම් තත්ත්වය ගැන කතා කරන නිසාම ඒ දේ විශේෂයෙන් කිව යුතුයි. ඔව් ඔබේ ඇඳුමක් ඔබ හුවමාරුවකට ලබා දෙනවා නම් එය Surf excel හෝ එවැනි විෂබීජ නසන රෙදි සේදුම්කාරකයකින් සෝදා ලබා දෙන්නටත්, ඔබ ලබා දෙන ඇඳුම් තව අයෙකුට අපහසුතාවයකින් තොරව ඇඳගෙන යා හැකි උසස් මට්ටමක පවතින බව සහතික කර ලබා දීමත් වැදගත්. ඒ නිසා දෙන්නං වාලේ ඇඳුමක් නොදී ඒ ගැනත් හිතන්න සිද්ධ වෙනවා.
ලෝකයේ thrifting
Thrifting කියන්නෙ ලෝකය පුරා තියෙන දෙයක්. විදෙස් රටවල නම් සෑම කුඩා නගරයක ම පාහේ thrifting වෙනුවෙන් වෙන් වූ කඩ කිහිපයක් දකින්නට හැකි සේම, බොහෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි පවා ඒ වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ඒ වගේම මේ කිසිවක් ඇඳුම් වෙනුවෙන් පමණක් සීමා වන්නේ නැහැ. ඒ අතර ගෘහ භාන්ඩ ඇතුළු නොයෙක් බඩු බාහිරාදිය ඇතුළත්. මේ සටහන තුළ අපි ඇඳුම් ගැන පමණක් කතා කරන නිසා පමණයි මේ thrifting කියන කාරණය එතැනට ලඝු කළේ.
මානසිකත්වය
Thrifting නෙමෙයි ඕන ම පොදු සංකල්පයකට ඔබ ඒ පිළිබඳ දරණ මානසිකත්වය වැදගත්. ඔබ එය නරකක් විදියට දකිනවා නම් ඔයට එයින් අයින් විය හැකියි. ඔබ එය වාසියක් සහ හොඳක් ලෙසින් දකිනවා නම් ඔබට ඊට එක් විය හැකියි. ඒ වගේම ඔබට thrift කර ඇඳුම් අඳින්නට අවශ්‍යතාවයක් නැති නම් ඔබට හැකි ලෙස ඔබට ඒ වෙත ඔබේ භාවිතා කළ ඇඳුම් ලබා දීමට පවා හැකියි. ඒ වගේම ඔබ ලොවේ සැවොම එකම ලේ දුවන මිනිසුන් ලෙසින් සිතන මානවවාදියෙකු නම් ඔබ thrift කරන ඇඳුම්වල ගුණාත්මක භාවය ගැනත් අනිවාර්යයෙන්ම සිතනු ඇති.