සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

ඇමරිකාවෙ Science වලින් PhD එකක්, Masters එකක් කරමු ද? – part 01

(Disclaimer: හෑල්ලක්, උදව්වක් ඕනෙ කෙනෙක් ගනියි කියලා හිතං ලියන්නෙ) This is what I know so far 👇👇
…………………………………
ඔයාලා හොඳ PhD එකක්, Masters එකක් කරන්න හොයනවා නං, ඇමරිකා එක්සත් ජනපදය ඉතා හොඳ තැනක්. මේ statement එක දෙන්න මගෙ අත්දැකීම් මදි තවම. ඒ උනාට ලංකාවෙන් ඇවිල්ලා මෙහෙ PhD, Masters කරන, කරපු බොහෝ දෙනෙක් ගෙ අත්දැකීමනම්, මම දන්න විදියට එහෙමයි.

1. Required Degree Qualifications මෙහෙ Post Grad එකක් කරනවනං, ඔයාට තියෙන්න ඕනෙ අවුරුදු හතරක Degreeයක්. ඔයාට දැනට තියෙන්නෙ අවුරුදු 3ක එකක් නම්, ඔයාට සිද්ධ වෙනවා One-year Masters එකක් හෝ ලංකාවෙ දි කරලා ඉන්න.

2. English Language Test ඔයා Apply කරන්න හිතන්නවත් කලින් කරන්න ඕනෙ පළවෙනි දේ තමයි English Language proficiency exam එක. ඇමරිකාවෙ ඉස්සරනං පිළි අරගෙන තියෙන්නෙ TOEFEl exam එක. හැබැයි දැන් බොහෝ විශ්වවිද්යාල මම දන්න තරමින් IELTS පිළි ගන්නවා. මං කළේ IELTS. ඒක Computer based හෝ Written exam එකක් විදියට කරන්න පුළුවන්. Computer Keyboard එක පාවිච්චිය ගැන ඔයාට යම් හරි දැනුමක් තියෙනවනං, මගේ උපදෙස තමා computer based එක ලේසියි කියන එක. ඒකෙ ප්රතිඵල ඉක්මන්. මගෙ result එක දවස් 5න් ආවා. අනික ඔයා ලබාගෙන තියෙන්න ඕනෙ අවම ලකුණු ප්රමාණය විශ්වවිද්යාලයෙන් විශ්වවිද්යාලයට වෙනස්. හැබැයි ඔයා අවම band 07 overall mark එකක්වත් අරගෙන තියෙන්න ඕනෙ කියලා මම නම් හිතනවා.

3. GRE exam සමහර විශ්වවිද්යාල, සමහර විශයයන් වලට GRE exam එක ඉල්ලනවා. මට පුද්ගලිකව මේක ගැන අවබෝධයක් නෑ මගේ subject එකට මේක අවශ්ය නොවුන නිසා. මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම්, comment එකක හරි විස්තරයක් දාන්න. සාමාන්යයෙන් නම් Biology subjectවලට මේක ඕන්නෑ.

4. Supervisor Support මට හම්බුන ගොඩක් university වල ඔයා Apply කරන්න පෙර හෝ පසුව ඔයාට fund කරන්න සහ guide කරන්න කැමති, ඔයාට mentor කරන්න කැමති supervisor කෙනෙක් (Professor කෙනෙක්) හොයාගන්න වෙනවා. Supervisor support එක නැතුව ඔයාට අනෙක් සුදුසුකම් තිබුණත් ඔයාට admission හම්බෙන්න තියෙන ඉඩ අඩුයි බොහෝ වෙලාවට. මගේ උපදෙස, Application එක දාන්න කලින් supervisor support එක ගොඩ දාගෙන ඉන්න. මොකද සාමාන්යයෙන් එක Application එකක් දාන්න $ 100ක් වගේ යනවා. Supervisor support නැතුව application reject උනොත් සල්ලි අපරාදෙ. (Supervisor කෙනෙකුට email එකක් ලියන්නෙ කොහොම ද කියලා පස්සෙ වෙලාවක ලියන්නං). Part 02 එකේ visa interview එක ගැන, ඒකට ඕනෙ documents ගැන ( I20/Ds-2019, Sevis payment receipt etc.) ☝️☝️ ඕක ලියන්න අමතක උනොත් මතක් කරන්ඩලා

 

Anushka Jayasinghe
Tags